විද්‍යා විෂය යටතේ ලිංගික අධ්‍යාපනය ළගදීම

Published in පුවත්
Wednesday, 20 August 2014 11:35

ලිංගික අධ්‍යාපනය පාසල්වල 10 ශ්‍රේණියේ සිට විද්‍යා විෂය යටතට ගෙන ඉගැන්වීමට පියවරගන්නැයි ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

මෙමඉල්ලීම් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ලිංගික අධ්‍යාපන විෂය  විද්‍යා විෂය යටතේ ඉගැන්වීම සම්බන්ධව කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍යසිසිර ලියනගේ මහතා පවසයි.

ඉහළ පන්තිවල සිසුන්ට ඒඩ්ස් රෝග තත්ත්වය හා ලිංගික අධ්‍යාපනය පිළිබඳව අවබෝධයක් ලබාදීම මඟින් ලිංගික සම්බන්ධතා, ගැබ් ගැනීම් හා සමාජ රෝග වළක්වා ගැනීම පිළිබඳවයථාවබෝධයක් ලබාගත හැකි බව ඒ මහතා සදහන් කරයි. 

ඉහළ පන්තිවල සිසුන්ට සෞඛ්‍ය විෂය යටතේ  මීට අදාළව ලබා දෙන දැනුම හා අවබෝධය කිසිසේත්ප්‍රමාණවත් නැතැයි ද වෛද්‍ය සිසිර ලියනගේ මහතා පෙන්වා දෙයි.

මෙමවිෂය කරුණු පිළිබඳව දැනටමත් සෞඛ්‍ය ඇමැතිවරයා සහ අධ්‍යාපන ඇමැතිවරයා අතර සාකච්ඡා පවත්වා අදාළ කරුණු අවධානයට යොමුකර තිබෙන බව ද වෛද්‍ය ලියනගේ මහතා අවධාරනය කරයි.

පසුගිය කාලය පුරාවටමශී‍්‍ර ලංකාව නිවැරදි ලිංගික අධ්‍යාපන ක‍්‍රමවේදයක් නොමැතිවීම නිසා අත්විදි ප‍්‍රතිවිපාක ඉතාමත් බරපතල බව සංඛ්‍යා ලේඛන අධ්‍යනය කිරීමෙන්පෙනී යන බවද සඳහන් වෙයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us