සෞඛ්‍ය කණිෂ්ඨ සේවකයින් අඛන්ඩ වැඩ වර්ජනයක.

Published in පුවත්
Wednesday, 20 August 2014 11:22
සෞඛ්‍ය සේවයේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලය ඇතුළු ශේණි 60කට අධික සංඛ්‍යාවකට බලපා තිබෙන වැටුප් විශමතා සහ හිඟ වැටුප් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් 05ක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 22ක් විසින් අද (20) සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 
 ඒ අනුව සමස්ථ ලංකා සුව සේවා සංගමය ආරම්භ කර ඇති ඇති මෙම වැඩ වර්ජනය ඉල්ලීම් ලැබෙන තුරු පවත්වාගෙන යන බව එම සංගමයේ සභාපති දේවගේ ජයලාල් මහතා සඳහන් කරයි. 
 
පැය 48 වැඩ වර්ජනයක් සහ අඛන්ඩ වැඩ වර්ජනයක්
 
වෘත්තීය සමිති 21 කින් සැදුම් ලත් ඒකාබද්ධ වෘත්තීය සමිතිය පෙන්වා දෙන්නේ  තම සන්ධානය පැය 48ක කාලයක් මෙම වැඩ වැර්ජනය ක්‍රියාත්මක කරන බවයි. 
 
එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට සමගාමීව ජාතික රෝහලේ ඉදිරිපිට සිට පා ගමනින් ගොස් ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාර දිමට නියමිතව ඇති බවයි. 
 
6/2006 වැටුප් චක්‍ර ලේකය ක්‍රියාත්මක කිරීමේදී අැති වූ මෙම ගැටළු විසඳා දෙන ලෙස ඔවුන් එහිදී ඉල්ලා සිටියි. 
 
මානුෂීය හේතුන් මත රෝහල් 5ක් මීට ඇතුලත් නොවෙයි
 
අද සිට අඛන්ඩ වැඩ වර්ජනයේ නිරත වන සමස්ථ ලංකා සුව සේවා සංගමයේ සාමාජිකයින් දිවයින පුරා රෝහල් වල මෙය වෘත්තීය ක්‍රියාමාර්ගය  දියත් කරන අතර මානුෂිය හේතුන් මත කොළඹ රිජ්වේ ආර්ය ළමා රෝහල කාසල් කාන්තා රෝහල ද සොයිසා ළමා රෝහල මහරගම පි“ලිකා රෝහල පේරාදෙනිය ළමා රෝහල තුළ මෙම ක්‍රියාත්මක නොකරන බවයි.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us