සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායකකම දී එජාපයේ සමගිය රටට පෙන්වන ලෙස ආණ්ඩුවෙන් විපක්ෂයට එක්වීමට සිටින මැති ඇමතිවරුන් පිරිසක් මංගල සමරවීර මහතා හරහා එජාප නායකත්වය වෙත දැනුම් දී ඇත. එම සාකච්ජාවලට මලික් සමරවික්‍රම මහතාද එම සාකච්ජාවලට සහභාගිවී තිබේ.
මාළුලුවාවේ සෝභිත හිමියන්ද මලික් සමරවික්‍රම හරහා මෙම ඉල්ලීම වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇත.
කොහොමද ටිකිරි මොලේ !
ඒ අනුව, මලික් සමරවික්‍රම මහතාට සජිත්ට පක්ෂවත්, මංගල සමරවීර මහතාට සජිත්ට විරුද්ධවත් පක්ෂයේ ප්‍රධානින් ඉදිරියේ හැසිරෙන ලෙස රනිල් වික්රමසිංහ මහතා උපදෙස්දී තිබේ.
මෙලෙස කටයුතු කිරීම හරහා ආණ්ඩුවේ බුද්ධි අංශ නොමඟ යැවීමටත්, සජිත්ගේ ඉල්ලිම් සම්බන්ධයෙන් හෙට්ටු කිරීමටත් අවස්ථාව ලැබෙන බව වික්‍රමසිංහ මහතාගේ අදහසවී ඇත.
ඒ අනුව නියෝජ්‍ය නායක ධුරය සමග බලතල ඉල්ලාගෙන පැමිණියහොත් විරුද්ධ වන්නැයි වික්‍රමසිංහ මහතා, මංගල සමරවීර මහතාට උපදෙස් දී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
'රනිල්, සජිත්ට අන්දන්නයි හදන්නේ'
මේ අතර, ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ, රනිල් වික්රමසිංහ මහතා විසින් එජාප නියෝජ්‍ය නායක ධුරය සජිත් පේ‍්‍රමදාස මහතාට යළි ලබා දීමට උත්සාහ කරන්නේ එළැඹෙණ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ඔහුගේ සහය ලබා ගැනීමේ උපායක් ලෙස බවයි.
කොළඹ දී මාධ්‍ය අමතමින් එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා එබව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම සම්බන්ධයෙන් එජාප නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවීර මහතා පක්ෂයේ ප්‍රධානින් කිහිප දෙනෙකු සමග විරෝධය පළකර ඇත්තේ, එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
Leave a comment
Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...