ඒ අනුව මෙරට පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහාම සිය අනන්‍යතාවය වෙන් වෙන් වශයෙන් නිරූපන වන ආකාරයෙන් මෙම කාසි නිකුත් කෙරෙනු ඇත. කෙසේවෙතත් මෙම කාසි දිස්ත්‍රික් මට්ටමින් නිරූපනය වූවත් ඒවා එක් දිස්ත්‍රික්කයකට සීමා නොකෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
2010 වසරේ සිට මේ දක්වා කිසිම රුපියල් 10 යේ වටිනාකමකින් යුත් නෝටුට්වක් මුද්‍රණය කර නොමැති අතර එහි ඇති විශ්වාසනීයත්වය ඉක්මණින් විනාශවීම හේතුවෙන් මෙම කාසි භාවිතය ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.