‘3 වරක් 3 චිත‍්‍රපටයේ මුහුරත් උළෙල. (ජයාරූප)

Published in කලා
Wednesday, 20 August 2014 12:52

‘‘සිංහාවලෝකනය’’, ‘‘සුරංගනා ලොවින් ඇවිල්ලා’’, ‘‘ස්පන්දන’’ සහ ‘‘ආකර්ෂා’’ යන සිනමා කෘති නිම කරමින්, එකිනෙකට වෙනස් චිත‍්‍රපට අධ්‍යක්ෂණයේ තම හැකියාව පිළිබිමු කල සුනෙත් මාලිංග ලොකුහේවා පළමු වරට ‘හාස්‍ය’ චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරිමට ‘‘3 වරක් 3’’ චිත‍්‍රපටයෙන් උත්සාහගනියි.

ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සිනමාකරණ පාඨමාලාව හදාරා, සිනමාව පිළිබඳ නිසිතාක්ෂණික දැනුමක් සහිතව සිනමාකරණයට පිවිසෙන සුනෙත්, තම පස් වන චිත‍්‍රපටය ලෙස ‘‘3 වරක් 3’’ අධ්‍යක්ෂණය කරනුයේ හාස්‍ය චිත‍්‍රපට සඳහා සිංහල සිනමා පේ‍්‍රක්ෂකයා තුල උනන්දුවක් සහ කැමැත්තක් තිබෙන බව දැක ගත හැකි කාල වකවානුවයි.

තම ‘තෙවන’ සිනමා නිෂ්පාදනය ලෙස මෙම සිනමාපටය වෙනුවෙන් ප‍්‍රධාන නිෂ්පාදනයෙන් දායක වන ජගත් එම්. යාපාගේ දෙවන සිනමා නිෂ්පාදනය වන ‘‘ස්පන්දන’’ ලබන ජනවාරියේ සිට සිනමා ශාලා 35 ක තිරගත වීම ආරම්භ වීමට නියමිතයි.

තම බොහෝ නිර්මාණ වලින් නවක නිෂ්පාදකයින් ක්ෂේත‍්‍රයට හ`දුන්වා දෙන සුනෙත්, තම පස්වන සිනමා නිර්මාණයෙන් නවක නිෂ්පාදකයින් දෙදෙනෙක් වන, රජන්ත ජයසිංහ සහ ඉරෝෂන ගයාන් වීරකෝන් සම නිෂ්පාදකයින් ලෙස හ`දුන්වා දෙයි.

දරුවන් තිදෙනෙක්, රොබෝවන් තිදෙනෙක් සහ මංකොල්ලකරුවන් තිදෙනෙක් වටා ගෙතුනු ‘‘3 වරක් 3’’ චිත‍්‍රපටය දරුවන්ව සිනා සාගරයේ ගිල්වන, වීරකි‍්‍රයාදාම අත්දැකීමක් ලබා දෙන චිත‍්‍රපටයක් ලෙස හ`දුන්වා දිය හැකිය.

අගොස්තු මස 11 වන දින ජාතික චිත‍්‍රපට සංස්ථාවේ පැවති උත්කර්ෂවත් මුහුරත් උළෙලකින් ආරම්භ කෙරුණු ‘‘3 වරක් 3’’ චිත‍්‍රපටයේ රූගත කිරිම්, අගෝස්තු 12 වන දින සිට සැප්තැම්බර් මුල් සතිය දක්වා කුරුණෑගල ප‍්‍රදේශයේ දි සිදු කෙරෙයි.

(infosrilankanews)

එම අවස්ථාවේ සේයා රූ කිහිපයක් පහතින්,

 

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us