subash
ඇමතිවරියකට අයත් මන්ත‍්‍රී නිල නිවාසයක් ඇසුරෙන් ගණිකා ව්‍යාපාරයක් සිදු වන බවට තොරතුරු වාර්තා වී තිබේ.
ඉන්දිරා ගාන්ධිගේ මරණය අලලා නිපදවූ චිත්‍රපටය මතභේදයට ලක් වේ
1984 ඔක්තෝබර් 31 වැනිදා නව දිල්ලියේදී ඝාතනයට ලක්වූ ඉන්දියාවේ හිටපු අගමැතිනියක වන ඉන්දිරා ගාන්ධිගේ මරණය අලලා නිපදවූ චිත්‍රපටයක් නිපදවා අැත. එය එළඹෙන 22 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබුණත්, ඒ සම්බන්ධයෙන් මේ වනවිට මතභේදකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.
කැලිෆෝනියාවේ පර්යේෂණාගාරයක නලයක පෙන්ගුවින් පැටවකුට උපත ලබා දීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති.
ඉස්ලාම් රජය යනුවෙන් හඳුන්වමින් සිරියාවේ සහ ඉරාකයේ සටන් වැදී ඉන්නා පිරිසක් විසින් පසු ගියදා ඇමෙරිකා මාධ්‍යවේදියෙකු වූ ජේම්ස් ෆොයිලි අමානුෂික අන්දමට ඝාතනයකරනු රූපගත කර ප්‍රසිද්ධියට පත්කර ඇති අන්දම පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය විදේශ ඇමති පිලිප් හැමන්ඩ් පවසන්නේ ඉස්ලාම් රජය හෙවත් අයිඑස්අයිඑස් කණ්ඩායම බටහිර ලෝකයේ සියලුම රටවලට අති විශාල තර්ජනයක් බවට පත්වී ඇති බවයි.
නුවර එළියේ නගර මධ්‍යයේ පිහිටි ග්‍රෙගරි වැවේ තලගල ඔය හා නානු ඔය යන ඇළවල් සම්බන්ධ කර ගෙන ඉදි කරන ලද ග්‍රෙගරි වැවේ සොරොව්වේ දිය කාන්දු 07 ක් මේ වන විට දැක ගත හැකිය.
නාත්තණ්ඩිය - දෙමටපිටිය ප්‍රදේශයෙන් ගලා බස්නා පාර - ඇළ ඕලන්ද ඇළ ආශ්‍රිතව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී කසිප්පු ස්කාගාරයක් වැටලීමට මාරවිල පොලිසිය සමත් වේ.
වසරකට අමෙරිකානු ඩොලර් බිලියන හත ඉක්මවා යන අති විශාල මුදල් කන්දරාවක් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. මෙම අමෙරිකන් ඩොලර් බිලියන හත දහය දක්වා වැඩිකර ගැනීම රජයේ ඉලක්කයයි. තවද එවැනිම විශාල ආදායමක් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් සහ සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම තුළින් ලැබෙන බවද ඇමැතිවරයා පවසයි.
පිටකොටුවේ ගුණසිංහපුර කහඉර මතදී ගැබිනි කාන්තාවක යටකර මාරක අනතුරක් සිදුකළ පුද්ගලික රෝහල් අධ්‍යක්ෂකට වසර පහකට අත්හිටවූ මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත් දුලානි වීරතුංග මහත්මිය ඊයේ(21) නියෝග කළාය.
