ඉන්දිරා ගාන්ධිගේ මරණය අලලා නිපදවූ චිත්‍රපටය මතභේදයට ලක් වේ

Published in විදෙස්
Friday, 22 August 2014 11:05

1984 ඔක්තෝබර් 31 වැනිදා නව දිල්ලියේදී ඝාතනයට ලක්වූ ඉන්දියාවේ හිටපු අගමැතිනියක වන ඉන්දිරා ගාන්ධිගේ මරණය අලලා නිපදවූ චිත්‍රපටයක් නිපදවා අැත. එය එළඹෙන 22 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබුණත්, ඒ සම්බන්ධයෙන් මේ වනවිට මතභේදකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වෙයි.

ඉන්දිරා ගාන්ධි නියෝජනය කළ කොංග්‍රසය චිත්‍රපටය සම්බන්ධයෙන් දැඩි නොසතුට පළ කර ඇති අතර, ඔවුන් වත්මන් ඉන්දීය අගමැතිවරයාට ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ 'කවුම් දේ හීරේ' (Kaum De Heere) පන්ජාබ් චිත්‍රපටයෙන් ගාන්ධි ඝාතකයන්ට වීරත්වයක් කැටිකොට ඇති බවයි.

එමෙන්ම, මෙම චිත්‍රපටය නිකුත්වීමෙන් පසුව රට පුරා ප්‍රචණ්ඩක්‍රියා ඇතිවීමේ අවදානමක් පවතින බව බුද්ධි අංශ දැනටමත් අනතුරු ඇඟවීමක්ද කර තිබේ.

සික්වරුන්ගේ රන් දෙවොල වෙත හමුදා යෙදවීමට ගාන්ධි ක්‍රියාකළ බව පවසමින් සික් ජාතික පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනෙකු විසින් ඇයව ඝාතනය කරන ලදී.

ඒ අනුව, මේ චිත්‍රපටයද සික් ජාතික පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනා වටා ගෙතී තිබීමෙන් මේ මතභේදකාරී තත්ත්වය උද්ගතව තිබේ.

කෙසේ වෙතත්, චිත්‍රපටයේ නිෂ්පාදකවරයා පවසා ඇත්තේ දේශපාලන ඝාතන අලලා ලෝකයේ චිත්‍රපට නිපදවී ඇති බැවින්, මෙයද තවත් එවැනි චිත්‍රපටයක් පමණක් බවයි.

(ada)

indira-ghandi-film2

 

Last modified on Friday, 22 August 2014 11:30

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us