සෞදි කුමරුගේ කෝටි හතරක් පැරීසියේදී පැහැර ගනී

Published in විදෙස්
Friday, 22 August 2014 12:45

අබ්දුල් අෂීස් බින් ෆාඩ් (41) සෞදි  රජ කුමාරයාගේ  රිය පෙළට පැරිස් නුවරදී  කඩා වැදුණු අවිගත් කොල්ලකරුවෝ ඩොලර් තුන්ලක්ෂයක් (රුපියල් 39600000) පැහැර ගත්හ.

බ්‍රිතාන්‍යයේ ආයෝජකයකු ද වන කුමාරයාට මේ ඇබැද්දිය සිදු වුයේ  ඉරිදා  රාත්‍රියේ උතුරු දිග ප්‍රංශයේ දීය. ඒ සන්නද්ධ ආරක්ෂකයන්ගේ රැකවරණ මැද රිය දහයක් සමඟ ලෙබූෂේ ගුවන්තොටේ  තම පෞද්ගලික ජෙට් යානය බලා ගමන් කරන අවස්ථාවේදීය.

බලක්ලාවා මුහුණු ආවරණ පැළැඳ සිටි කොල්ලකරුවන් රිය පෙළ මුලට කඩා වැද අවි පෙන්වා මර්සිඩීස් වෑන්රියේ තිබු මුදල් හා ලියවිලි ද කුමාරයාගේ බෙහෙත් ද පැහැරගෙන  ගිය බව ප්‍රංශ පොලීසිය පවසයි.

පැරීසීයේ ජෝර්ජ් වී හෝටලයේ සුඛෝපභෝගී කුටියක දෙමාසයක් සිටි සෞදි කුමාරයාට හෝ සෙසු රියවල ගමන්ගත් කිසිවකුටත් අනතුරක් සිදු වී නැත. කොල්ලකරුවන් පලා ගිය බී එම් ඩබ්ලිව් හා  මර්සිඩීස්  කාර් පසුව පුළුස්සා දමා තිබිණි.

පැහැරගෙන ගිය සහායකයෝ තිදෙනෙක් මුදා හරිනු ලැබුහ.

කුමාරයා පැරිසියේ සෞදි අරාබි තානාපති කාර්යාලයයයේ සිට ගුවන් තොටට යමින් සිටියේය.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us