නිරුවත් ක‍්‍රීඩා උළෙලක් සඳහා සහභාගීවූ පුද්ගලයන් 8 ක් අත්අඩංගුවට

Published in විදෙස්
Saturday, 23 August 2014 12:39

මැලේසියාවේ නිරුවත් ක‍්‍රීඩා උළෙලක් සඳහා සහභාගීවූ පුද්ගලයන් 8 දෙනෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මැලේසියාවේ වයඹදිග පෙනෑන් ප‍්‍රාන්තයේ පිහිටා ඇති හුදකලා වෙරළ තීරයක පවත්වා ඇති මෙම උළෙල සඳහා පුද්ගලයන් 10කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බව වීඩියෝ වලින් හෙළිවී තිබේ.

2014 නිරුවත් ක‍්‍රීඩා උළෙල ලෙස නම් කර තිබූ මෙහි වීඩියෝ කිහිපයක් අගෝස්තු මස මුලදී සමාජ ජාල තුළ ජනපි‍්‍රය විය.

මෙම ස්වභාවවාදී උළෙල තුළ සිරුරු වර්ණ ගැන්වීම්, නර්තනයන් හා සහය දිවීම් තරග පැවැත්වී ඇත.

සිරුරු උඩින් පිහිනීම යන තරගයකදී නිරුවත් කාන්තාවක් නිරුවත් පිරිමින් තිදෙනෙකුගේ සිරුරු මතින් බඩගා යන දසුන් මෙන්ම නිරුවත් කාන්තාවක් පිරිමියකුගේ පසුපසින් නැග සිටින ගන්ග්නම් ස්ටයිල් අශ්ව නැටුම නම් අවස්ථාවක දසුන්ද මෙම වීඩියෝ තුළ අඩංගුවී තිබේ.

මේවා ජනපි‍්‍රය වීම සමගම මැලේසියාවේ බහුතර මුස්ලිම් ප‍්‍රජාව වෙතින් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර ඒ පිළිබඳ පොලිස් පරීක්ෂණයක්ද ආරම්භවී ඇතැයි පැවසේ.

ප‍්‍රසිද්ධියේ අසභ්‍යව හැසිරීම සහ විළි බියට නිගරු කිරීම යන චෝදනා මත සිදුකර ඇති මෙම පොලිස් පරීක්ෂණවලදී එහි සංවිධායකයකු ඇතුළු සහභාගිවූ පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සංවිධායක ඇල්බට් යෑම් විසින් පෙනෑන් බලධාරීන් වෙත ලිවූ විවෘත ලිපියකින් සිදුවීම පිළිබඳ සමාව ඉල්ලා ඇතැයිද වාර්තා වේ.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us