ගැබිනිය යට කළ රෝහල් අධ්‍යක්ෂට අත්හිටවූ සිර දඬුවම්

Published in පුවත්
Friday, 22 August 2014 09:36

පිටකොටුවේ ගුණසිංහපුර කහඉර මතදී ගැබිනි කාන්තාවක යටකර මාරක අනතුරක් සිදුකළ පුද්ගලික රෝහල් අධ්‍යක්ෂකට වසර පහකට අත්හිටවූ මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත් දුලානි වීරතුංග මහත්මිය ඊයේ(21) නියෝග කළාය.

මීට අමතරව මියගිය කාන්තාවගේ සයමස් දරුවාට වන්දි මුදලක් ලෙස ලක්ෂ 25ක මුදලක් හා රුපියල් 1500 දඩ මුදලක් නියම කළාය.

අනතුරක් වළක්වා නොගැනීම, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම ඇතුළුව චෝදනා 07ක් යටතේ පොලිසිය සැකකරුට එරෙහිව චෝදනා ගොනුකළ අතර එම චෝදනාවන්ට සැකකරු අධිකරණය හමුවේ වරද පිළිගැනීම නිසා මේ දඬුවම නියම කෙරිණි. කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ වන කිරිබත්ගොඩ පදිංචි මිලාන් සංජීව පියරත්න යන අයට මෙසේ දඬුවම් නියම විණි.

ඉකුත් අප්‍රේල් 27 දා ගුණසිංහපුර බස්නැවතුම ඉදිරිපිට ඇති කහ ඉර මතදී මෙම මාරක අනතුර සිදු වූ අතර මහනුවර, පූජා පිටියේ පදිංචි ෆාතිමා මුෆාසා නැමැති එක්දරු කාන්තාව මේ අනතුරින් මරුමුවට පත්වූවාය. 

(දිනමිණ)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us