'රට විරුවන්' ගෙන් වසරකට අ.ඩො. බිලියන 7ක්

Published in පුවත්
Friday, 22 August 2014 09:43

වසරකට අමෙරිකානු ඩොලර් බිලියන හත ඉක්මවා යන අති විශාල මුදල් කන්දරාවක් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. මෙම අමෙරිකන් ඩොලර් බිලියන හත දහය දක්වා වැඩිකර ගැනීම රජයේ ඉලක්කයයි. තවද එවැනිම විශාල ආදායමක් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් සහ සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම තුළින් ලැබෙන බවද ඇමැතිවරයා ‍පවසයි.

තිස් වසරක් පුරා මෙරට තුළ පැවැති 'ත්‍රස්තවාදී භීෂණය' අවසන් කිරීමෙන් පසු මෙම ක්ෂේත්‍රවල කැපී පෙනෙන ප්‍රගතියක් සමඟ මෙසේ විශාල වශයෙන් ආදායම් ලැබෙන බව අමාත්‍යවරයා කියා සිටියේ,  ඊයේ (21) ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පැවැති ජාත්‍යන්තර සමුළුව අවස්ථාවේදීය. එම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ආචාර්ය සරත් අමුණුගම මහතාය. 

මේ රටේ යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. ඒ වගේම විශේෂයෙන් තාක්ෂණ විද්‍යාව දියුණු කිරීම අවශ්‍ය බවද පවසන අමාත්‍ය සරත් අමුණුගම මහතා, 1930 පටන් බොහෝ කාලයක් ඉංග්‍රීසි විෂයට මුල්තැනක් ලැබුණ බවත් පසුව විවිධ දේශපාලනඥයන් නිසා ඉංග්‍රීසි අධ්‍යාපනයට හිමිවී තිබු එම තත්ත්වය ක්‍රමයෙන් අඩුවූ බවද කීය.

එහෙත් වර්තමාන රජය ඒ සෑම අංශයක්ම වැඩිදියුණු කරමින් රට තුළ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් සිදු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයද මේ වන විට නව තාක්ෂණික උපකරණ යොදා ගනිමින් විශාල දියුණුවක් කරා ඇදී ඇත. මෙරට අධ්‍යාපනය ලැබූ උසස් ප්‍රතිඵල බොහෝ පිරිස් නවීන තාක්ෂණය සොයා විදෙස්ගත වෙයි. අප ඔවුන් මේ රටේ තබාගෙන ප්‍රයෝජන ගත යුතුයි. නව තාක්ෂණය කෙරෙහි ඇදී යන අය මේ රට තුළ භාවිතා වන ජංගම දුරකථන ප්‍රමාණය මිලියන 22ක් පමණ බව ගණනය වී තිබේ. එපමණක් නොව ලක්ෂ 27ක් පමණ මෝටර් සයිකල් භාවිතා කරන අතර ලක්ෂ දහයකට වැඩි ප්‍රමාණයක් ත්‍රිරෝද රථ භාවිතා වෙයි. මහජනතාව විශාල වශයෙන් මේවා භාවිතයට හුරු වී තිබීම නව තාක්ෂණයේ දියුණුවේ හොඳ තත්ත්වයක් බවද අමාත්‍ය අමුණුගම මහතා පෙන්වා දුන්නේය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us