ආණ්ඩුව මුට්ටිය දාලා බලනවා -සෝභිත හිමි

Published in පුවත්
Friday, 22 August 2014 09:23

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන යෝජිත බෞද්ධ විහාර හා දේවාලගම් පනතට එක්සත් ජාතික පක්ෂයේ සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති ‍පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ විරෝධය පළ විය.

කෝට්ටේ ශ්‍රී නාග විහාරයේදී මහා සංඝ රත්නය හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර මෙම යෝජිත පනත සම්බන්ධයෙන් ඊයේ (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.


විහාරාධිපති තනතුර

පන්සල් වල විහාරාධිපති තනතුර සඳහා රජයට අවශ්‍ය හිමිවරුන් පත් කර ගැනීමට මෙම නව යෝජිත පනතෙන් රජය උත්සහ ගන්නා බව කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති ‍පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පවසති.

මෙම නව පනත පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් ඉදිරියේ දී බෞද්ධ සිද්ධස්ථාන හා භුමි විනාශයට යනු ඇති බවයි සෝභිත හිමියන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට පැවසුහ.


'මුට්ටිය දැම්මා'


"ආණ්ඩුව කලින් මුට්ටිය දාලා බැලුවා, කතරගම කිරිවෙහෙරේ විහාරධිපති කමට තිබුණේ පාරම්පරික උරුමේ, ඒක පැත්තකට කරලා රජයෙන් පත් කිරීමක් කළා, ඒ පත් කිරීම මල්වතු මහා විහාරය පිළිගත්තේ නැහැ, මහා විහාරය සුදුස්සාට ආධිපත්‍ය පැවරුවා , රජය පැරදුනා, දැන් ඒකට තමයි මේ නීතිය ගේන්න උත්සහ කරන්නේ, මින් ඉදිරියට පන්සලේ විහාරධිපතිකමට කෙනෙක් පත් කිරීමේ අයතිය රජයට ගැනීමට" මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසුහ.

මහ නාහිමියන් පවා මෙම යෝජිත පනත් සංශෝධනයට සිය විරෝධය පළ කර ඇති බව මාදුළුවාවේ සෝභිත හිමියන් පැවසුවේය. 

"දැනටමත් අස්ගිරි මහ නාහිමියන් පවසා තිබෙනවා මේ පනතෙන් භික්ෂූන් වහන්සේලා පන්සල් වල හිරකාරයන් බවට පත් වෙනවා කියලා" සෝභිත හිමියෝ පවසති.


මහ නාහිමියන්


මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ආණ්ඩුව මෙම පනත ඉදිරිපත් කරන්නේ මහ නාහිමියන්ගේ අවසරය ඇතුව බව පැවසුවත් තවමත් මේ පනත උන්වහන්සේලාගේ අනුමැතිය සදහා ඉදිරිපත් කර නොමැති බවයි.

"මෙමගින් වෙන දෙයක් තමයි බුද්ධ ශාසනයේ කාරක සභා වලට තිබෙන බලය සම්පූර්ණයෙන්ම පිරිහීම, බුද්ධ ශාසනයට තිබෙන බලය මෙමගින් අහිමි කරනවා" රනිල් වික්‍රමසිංහ පැවසීය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමියෝ ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ද එක්ව සිටියහ.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us