වීඩියෝව බැලුවොත් එංගලන්තයේ නඩු

Published in පුවත්
Friday, 22 August 2014 10:19

ඉස්ලාම් රජය යනුවෙන් හඳුන්වමින් සිරියාවේ සහ ඉරාකයේ සටන් වැදී ඉන්නා පිරිසක් විසින් පසු ගියදා ඇමෙරිකා මාධ්‍යවේදියෙකු වූ ජේම්ස් ෆොයිලි අමානුෂික අන්දමට ඝාතනයකරනු රූපගත කර ප්‍රසිද්ධියට පත්කර ඇති අන්දම පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය විදේශ ඇමති පිලිප් හැමන්ඩ් පවසන්නේ ඉස්ලාම් රජය හෙවත් අයිඑස්අයිඑස් කණ්ඩායම බටහිර ලෝකයේ සියලුම රටවලට අති විශාල තර්ජනයක් බවට පත්වී ඇති බවයි.

ඇමෙරිකා ජාතික තරුණ මාධ්‍ය වේදියාගේ ගෙළ සිඳදැමු තැනැත්තා පැහැදිලි ඉංග්‍රීසියෙන් කතාකල බවත් එම කටහඬට අනුව ඔහු ලන්ඩන් නුවර ජිවත්වුවෙකු ලෙසට අනුමාන කළ හැකි බවත් හැමන්ඩ් පවසයි.

එම වීඩියෝ පටය පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇති ඇමෙරිකා රහස් ඔත්තු සේවය පවසන්නේ එය "විශ්වාස කටයුතු" වීඩියෝ පටයක් බවයි.

මෙම සිදුවීම ප්‍රචාරය වීමත් සමඟම නිවාඩුවක් ගත කරමින් සිටි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වහාම ලන්ඩන් නුවරට පැමිණියේය. 

සාමාන්‍ය පිළිවෙළ අනුව ඔහු එම ඝාතනය හෙළා දකින බව නිවේදනය කළේය. "මේක මහ තිරිසන් වැඩක්" බව කි ඔහු බ්‍රිතාන්‍ය හමුදා ඉක්මනින් ඉරාකය වෙත යැවීම සඳහා කටයුතු කිරීමට සුදානම් බවද පැවසුවේය.

මැදපෙරදිග අන්තවාදී සටන් සඳහා සහායවීමට බ්‍රිතාන්‍යයේ පදිංචි මුස්ලිම් තරුණයක් ස්වේච්චාවෙන් සහභාගිවීම පිළිබඳව මේදිනවල බ්‍රිතාන්‍යය තුළ විශාල සාකච්චාවක් ආරම්භ වී ඇත.

සරණාගතයින් ලෙස පැමිණෙන සියලුම දෙනාහට කිසිදු වග විභාගයකින් තොරව රටට ඇතුල්වීමට ඉඩදීමත් එවන් බොහෝ දෙනාහට  නිවාස සහ වියපැහැදම් ඇතුළු අනෙකුත් සැප පහසුකම් රජය විසින් සැපයීමත් මේ ප්‍රශ්නය උඩුදිවීමේ මුලාරම්භය බව බොහෝදෙනා පවසති.

මෙලෙසින් පැමිණෙන විශාල පවුල්වල තරුණයින් අන්තවාදී කණ්ඩායම් විසින් ගොදුරු බවට පත්කර ගන්නා බව දැන් දැන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමට පටන්ගෙන ඇත.

පසුගියදා ලන්ඩන් නුවරට ආසන්න ලුටන් නගර මධ්‍යයේදී සරණාගතයින් ලෙස ජිවත්වන පවුලකට අයත් 20 දෙනෙක් පවුල් ආරවුලක් නිසා මහ මඟ විශාල කෝලාහලයක් කල බව ඡායාරුප සහිතව ප්‍රචාරය විය.

එංගලන්තය "සරණාගතයින්ට සැප ජිවිත ගතකල හැකි පාරාදීසියක්" ලෙසින් කවුරුත් විශ්වාස කරන  එම රටේ සමාජ සත්කාර සේවය දැන් බාල්දුවී ඇත.

බ්‍රිතාන්‍ය රජයද එරට පුරවැසියන් විදේශයන්හි සටන් සඳහා සහභාගිවීම නවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව දැන් සාකච්චාකිරීමට පටන්ගෙන ඇත.

එහි එක පියවරක් වශයෙන් විදේශ රටවල සටන් සඳහා සහභාගිවූ කෙනෙක් ආපසු බ්‍රිතාන්‍යයට පැමිණියහොත් අත්අඩංගුවට ගතයුතු බවට නීති රීති ගෙනඑම අදහස් කර ඇත.

බ්‍රිතාන්‍ය පොලිසිය ජේම්ස් ෆොයිලි ඝාතනයේ වීඩියෝ පටය නැරඹීම හෝ බෙදාහැරිම සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවට ප්‍රකාශ කර ඇත.

රට තුලට පැමිණෙන්නන් පිළිබඳව මුලින් පරික්ෂා නොකර පසුව මෙවැනි නීති රීති ගෙන ඒමට කතා කිරීම "වක්කඩය පිටතින් බන්දෙමට උත්සාහ කිරීමක් " බව බොහෝදෙනා පවසති.

ttt5

 

tttt2

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us