subash
බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය හා එජාප ඌව පළාත් සභා මහ ඇමති අපේක්‍ෂකට හරීන් ප්‍රනාන්දු අතර පවතින බව කියන සම්බන්ධයක් ගැන ඉව වැටි ඇති ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, හිරුණිකා අරලියගහ මන්දිරයට කැඳවා අවවාද කර ඇතැයි වාර්තා කර තිබේ.
පොලිස් විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂක වරයාට අයත් වාද්දුව මොරොන්තුඩුව පාරේ දෙමහල් නිවසට ඇතුළු වී රුපියල් එක්ලක්ෂ හැට දෙදහසකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ බව කියන තිදෙනෙකු වාද්දුව පොලිසිය මගින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.
ශ්‍රී ලංකා යුද හමුදාවට අලුතින් එක් වූ දෙමළ තරුණියෝ 35 දෙනෙක් , ත්‍රිකුණාමලය 22 වැනි සේනාංක මූලස්ථානයේ දි ඊයේ විසිර ගියහ.
ලිබියාවේ බල අරගලයට මැදිවී සිටින සන්නද්ධ කණ්ඩායමක් විසින් ටි‍්‍රපොලි ගුවන් තොටුපල ඊයේ අත්පත් කරගනු ලැබිය.
රජයේ පාලන සහල් සිල්ලර මිල ඉක්මවා සහල් තොග වෙළෙඳපොළේ මිල ඉහල ගොස් ඇති බැවින් සහල් පාලන මිලට අලෙවි කළ නොහැකිව ඇතැයි සහල් සිල්ලර වෙළෙන්දෝ පවසති.
යුද හමුදා විශේෂ බලකායට බැඳුණු සිය බාල දරුවාගේ විසිර යෑමේ පෙළපාළිය නැරඹීට මාදුරුඔය යුද හමුදා කඳවුරට ආ ඔහුගේ මව හදිසියේ රෝගාතුර වී පොළොන්රුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලොන්නරුව රෝහල් ආරංචි කියයි.
මහේල ජයවර්ධනට සාධාරණය ඉටු කිරීමට නොහැකි වන අයුරින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය දේශපාලනීකරණයට ලක්ව ඇති බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසයි.
වැලිපැන්න ප‍්‍රදේශයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් සමාගමක භාණ්ඩ පැහැර ගැනීමේ සිද්ධියකට බුලත්සිංහල ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීවරයෙකු සම්බන්ධදැයි සොයා පොලිසිය පරික්‍ෂණ ආරම්භ කර ඇත.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ ලේකම්වරුන් මාර්ගයෙන් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවෙන් , ගෞරවයෙන්, සාධාරණත්වයෙන් සහ ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්වීමේ දෙමළ ජනතාවගේ අපේක්ෂා වන් මුදුන් පත්වන දේශපාලන විසඳුමක අවශ්‍යතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අවධාරණය කරයි.
