දෙමළ ජනතාවට විසඳුමක් අවශ්‍යයි - මෝදී

Published in පුවත්
Sunday, 24 August 2014 08:16

එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාවෙන් , ගෞරවයෙන්, සාධාරණත්වයෙන් සහ ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්වීමේ දෙමළ ජනතාවගේ අපේක්ෂා වන් මුදුන් පත්වන දේශපාලන විසඳුමක අවශ්‍යතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි අවධාරණය කරයි.

දෙමළ ජාතික සන්ධානය හා පැවැත්වූ සාකච්ඡා වලින් පසුව නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැතිවරයා එසේ ප්‍රකාශ කර ඇත.


සාධනීය සංවාදයක්

එම සන්දර්භය තුල පිහිටා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුගතව දේශපාලන විසඳුමක් සෙවීමට සහයෝගීත්වයෙන් සහ එකිනෙකාට එකඟවිය හැකි මට්ටමේ හැඟීමකින් සහ සාධනීය දායකත්වයකින් යුතුව ක්‍රියාකරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඔහු ඉල්ලා සිටී.

උතුරු නැගෙනහිර ප්‍රදේශවල සහන සේවා , පුනරුත්තාපන සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දිගටම ඉන්දියාවේ සහය ලැබෙන බවට ඉන්දීය අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානයට ප්‍රතිඥාවක් දී තිබේ.

නිවාස ඉදිකිරීම්, ජීවනෝපාය මාර්ග, අධ්‍යාපනය , රෝහල්, යටි තල පහසුකම් මෙන්ම හැකියාවන් වර්ධනය කිරීම උදෙසා ඉන්දීය රජයේ අඛණ්ඩ සහය ලැබෙන බව නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා තවදුරටත් තම නිවේදනයේ කියා සිටියි.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ඇතුළු නියෝජිත පිරිසක් අගමැතිවරයා සමඟ සාකච්ඡාවට එක්වූහ.


සාර්ථක සාකච්ඡා:


දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සාකච්ඡා සාර්ථකවූ බවයි.

උතුරු නැගෙනහිර පලාත්වල ඉඩම ප්‍රශ්න, යුද හමුදා රඳවා සිටීම උතුරු නැගෙනහිර පලාත්වල ජන විකාශය සහ සංස්කෘතික සහ භාෂා අනන්‍යතාවයට කෙරෙන බලපෑම මෙන්ම දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් සිදුවන ප්‍රමාදය ගැනත් ඉන්දීය අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව  ඔහු පැවසුවේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තම දිවුරුම් දිවුරුම් දීමේ උත්සවයට පැමිණි අවස්ථාවේදී උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා කළ බව නරේන්ද්‍ර මෝඩි අගමැතිවරයා තමන්ට පැවසූ බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසුවේය.

එම කරුණු සම්බන්ධව ඉන්දීය අගමැතිවරයාගේ අවධානය යොමුව තිබෙන බවත් ඔහු සඳහන් කළේය.


උතුරු පළාත් මහා ඇමතිවරයා මුණ ගැසීමට ඉන්දීය අගමැතිවරයා කැමැත්තක් දැක්වූ බව පැවසූ සම්බන්ධන් මන්ත්‍රීවරයා ඒ සඳහා අවශ්‍ය කටයුතු සැකසීමට පියවර ගන්නා බවත් පැවසුවේය.

නොසතුට

දෙමළ ජාතික සන්ධානයේ ඉන්දීය සංචාරයට නොසතුට පල කරන ජාතික භාෂා හා ජාතික ඒකාග්‍රතාවය භාර ඇමති වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේ ඉන්දියාවට යාමට පෙර ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කළේ නම් ඉතා වැදගත් බවයි.

දෙමළ ජාතික සන්ධානය තම යෝජනා හෝ අදහස් රජයට ඉදිරිපත් කොට රජය ඊට එකඟවන්නේ නැත්නම් එකඟත්වයක් දක්වන ප්‍රමාණය සැලකිල්ලට ගෙන ඉන්දියාව සමඟ සාකච්ඡාවක් සුදානම් කර ගැනීමට හැකියාව තිබු බවයි ඔහු පෙන්වා දෙයි.


(සංදේශය)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us