එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර නැවතත් වහාම සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට ගෙන ඇති තීරණයට එරෙහිව, එම 'සන්ධාන වැඩපිළිවෙල' ක්‍රියාත්මක කරන එජාප සභාපති කබීර් හෂිම්, මංගල සමරවීර, රවී කරුණානායක, රුවන් විජයවර්ධන යන නායකත්ව මණ්ඩල සාමාජිකයින් හා හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතා විරෝධය ප්‍රකාශ කර ඇති තිබේ.
ඔවුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සන්ධාන විරෝධියකු බැවින්, සන්ධානය ගොඩනැගෙන තෙක් ඔහුට නියෝජ්‍ය නායකත්වය නොදෙන ලෙසයි.
නමුත් ඉහත පිරිසගේ විරෝධතාවයනොතකා සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායකත්වය ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ඌව පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කිරීම ඉලක්ක කර ගනිමින් වහාම නියෝජ්‍ය නායක තනතුර සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට එජාප නායකත්වය සූදානම්වේ.
මෙම අර්බුදයත් සමඟ යළිත් වටයකින් එජාප අභ්‍යන්තර අර්බුදය කරළියට පැමිණ ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.
ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සැළසුම්කර තිබු 'පොදු සන්ධාන' වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අර්බුදයට ලක් වී ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...