සහල් වෙළෙඳ පොළ මාෆියාවකට බිලිවේ

Published in පුවත්
Sunday, 24 August 2014 10:43

රජයේ පාලන සහල් සිල්ලර මිල ඉක්මවා සහල් තොග වෙළෙඳපොළේ මිල ඉහල ගොස් ඇති බැවින් සහල් පාලන මිලට අලෙවි කළ නොහැකිව ඇතැයි සහල් සිල්ලර වෙළෙන්දෝ පවසති.

දුනගහ – මරඳගහමුල ප‍්‍රදේශවල වෙළෙඳසැල්වල සහල් සිල්ලර මිල රජයේ පාලන මිලට වඩා රුපියල් 5 ත් 7 ත් අතර ප‍්‍රමාණයකින් වැඩි වී ඇත.

මිල පාලන අංශ වලින් වැටලීම් කළ ද සහල් තොග මිල වැඩි වී ඇති නිසා පාලන මිලට සහල් විකුණන්නේ කෙසේ දැයි සිල්ලර වෙළෙඳ සැල් හිමියෝ ප‍්‍රශ්ණ කරති.

සහල් තොග මිලට පාලනයක් නොකොට සිල්ලර මිල පමණක් පාලනය කළ නොහැකි බව වෙළෙදුන්ගේ මතයයිි.

මරඳගහමුලට ලොරි වලින් ගෙන ආ සම්බා සහල් කිලෝවක තොග මිල රුපියල් 80 ක් ද නාඩු සහල් කිලෝවක් රුපියල් 76 ක් ද විය.

සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 76 ක් විය. රතු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 74 ක් විය. මෙම මිල ගණන් වලට සහල් තොග මිලයට ගෙන පාලන මිලට විකිණිය නොහැකි බව වෙළෙන්දෝ කියති.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us