subash

subash

පාසල් ළමුන් ලිංගික සබඳතාවලට යොමුවීම ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ‍්‍රිත රෝග මර්ධන ඒකකය ප්‍රකාශ කරයි.

කටුනායක ගුවන්තොටු‍පොළ හරහා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගෙන ‘කුඩු තිලාන්’ නමැත්තා මෙරටින් පැන්නීමට උත්සාහ කර ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.

ගාසා තීරයේ පවතින වර්තමාන තත්වය නිරූපනය කිරීම සඳහා පලස්තීන මාධ්‍යවේදියකු විසින් ජනප්‍රිය අයිස් බාල්දි අභියෝගය වෙනත් අයුරකින් යොදා ගෙන තිබේ.

ජුරාසික් පාක් ගැන ඔයාලට අමුතුවෙන් දෙයක් කියන්න ඕන වෙන්නේ නැනේ. ඒ චිත්‍රපටය ඇත්තටම නොබලපු කෙනෙක් නැති තරම්. ජුරාසික් පාක් පළමුවැන්න, දෙවැන්න වු ලොස්ට් වර්ල්ඩ් හි රඟපැ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නළුවෙකු ගැන කණගාටු දායක පුවතක් හොලිවුඩයෙන් ආරංචි වෙනවා.

මීට සතියකට පෙර රූපවාහිනී වැඩසටහනකට සහභාගී වූ දෙරණ මිස් ශ්‍රී ලංකා 2012 තරඟයේ ජයග්‍රාහිකාව ලෙස කිරුළ පැලඳී  විනු උදානි සිරිවර්ධන පවසා තිබුණේ තමාට මේ වනවිට පෙම්වතෙක් නොමැති බවත්, මෙච්චර කාලයක් පෙම්වතෙක් සිට නොමැති බවත්ය.

දෙමළ දරුවන්ගේ සිත්තුළ ආවේගශීලීත්වය සහ ප්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා එල්.ටී.ටී.ඊ.ය විසින් යුරෝපා රටවල පාසල් ජාලයක් ආරම්භකර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති රවිනාථ ආරියසිංහ මහතා සඳහන් කරයි. 

බඩල්කුඹුර නගරයේ අද පැවැත්වීමට නියමිත ජන හමුවක් වෙනුවෙන් වේදිකාව සරසමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසකට අද  අළුයම මැර ප‍්‍රහාරයක් එල්ල වී ඇත.  පොලූ මුඟුරු රැගෙන පැමිණි පිරිසක් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

රටේ ජනතාව නියඟයෙන් පීඩා විඳිද්දී ජීවත් වීමට නොහැකිව දරුවන් සමග සිය දිවි නසා ගනිද්දී රාජපක්ෂ රෙජීමයේ පියරු බබ්බුන්ගේ අයිස් බකට් සෙල්ලම ''මෝඩ චූන්'' එකක් යැයි මංගල සමරවීර මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ෆේස්බුක් මගින් හඳුනාගත් පාසල් සිසුවියක පැහැරගෙන ගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගත් බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ තරුණයකු ඊයේ (25) ඇප නියමව අධිකරණ භූමියෙන් පිටත්ව යන විට සිසුවියගේ පියා විසින් අලුත්කඩේ රථවාහන අධිකරණය ආසන්නයේදී එම සැකකාර තරුණයාගේ පියාට පිහියකින් ඇන ඝාතනය කොට තරුණයාවත් ඔහුගේ සොහොයුරියවත් ඝාතනය කිරීමට උත්සාහකර තිබේ.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි වත්කම් බැරකම් නඩුවලට අදාළ ජාතික සංවර්ධන බැංකුවේ (එන්. ඩී. බී.) ප්‍රශ්න ගත ගිණුම්වල පරිගණක දත්ත පරීක්‍ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඊයේ (25 දා) අවසර ලබා දුන්නේය.

Connet With Us