රාජපක්ෂ පියරු බබ්බුන්ගේ 'මෝඩ චූන්' එකක් -මංගල

Published in පුවත්
Tuesday, 26 August 2014 11:31

රටේ ජනතාව නියඟයෙන් පීඩා විඳිද්දී ජීවත් වීමට නොහැකිව දරුවන් සමග සිය දිවි නසා ගනිද්දී රාජපක්ෂ රෙජීමයේ පියරු බබ්බුන්ගේ අයිස් බකට් සෙල්ලම ''මෝඩ චූන්'' එකක් යැයි මංගල සමරවීර මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

ඇමරිකා එක්සත් ජනපදයේ එක්තරා පුද්ගලයෙක් මාරාන්තික රෝගයකින් මියයන තම මිතුරාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් අවශ්‍ය මුදල් එකතුකර ගැනීම සඳහා ආරම්භ කරන ලද ''අයිස් බකට් අභියෝගය'' අද ලංකාවේ ද බටහිර මෝස්තරයන්, වහලූන් සේ අනුගමනය කරන දේශපාලඥයින් කිහිපදෙනෙක්ට මාධ්‍ය හරහා ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ ''මෝඩ චූන්'' ව්‍යාපාරයක් බවට පත්ව ඇත.

ඇමරිකාවේ කෝරි ග්‍රිෆින් නැමැති තරුණයා මෙම අයිස් බකට් අභියෝගය ඉන්ටනෙට් ජාලය හරහා හඳුන්වා දුන්නේ මාරාන්තික ස්නායු රෝගයකින් (Motor Neurone Disease) පෙළෙන පීට් ෆ්‍රෙට් නැමැති තම මිතුරා වෙනුවෙනි.

මේ හරහා ඔහු ඩොලර් ලක්ෂයක් පමණ තම මිතුරා වෙනුවෙන් එකතු කර ලබා දී ඇත. ඉන් පසුව මෙය බටහිර ලෝකයේ සිටින සුප්‍රසිද්ධ නළුනිළියන්, ගායකයන් සහ ක්‍රීඩකයන් අතර ඉන්ටර්නෙට් ජාලය හරහා මෝස්තරයක් බවට පත්වී ඇති අතර මේ තුළින් මෙම තිස් දහසකට වැඩි ඇමරිකානු ජාතිකයන්ට වැළඳී ඇති මෙම භයානක ස්නායු රෝගය සම්බන්ධයෙන් පර්යේෂණ කිරීමට ද විශාල මුදලක් එකතුකර ඇත.

ඇමරිකාව එංගලන්තය වැනි සීත රටවල අයිස් කැට පිරවූ බාල්දියකින් තමන්ගේ ශරීරයට ජලය වක්කරවා ගැනීම සැබෑ ලෙසම අභියෝගයකි. එපමණක් නොව උෂ්ණත්වය වැඩිවන ගිම්හාන කාලයේදී පවා උණුවතුරෙන් නෑමට පුරුදු වී සිටින ඒ රටවල ජනතාවට සීතල වතුරෙන් ස්නානය කිරීම හුරු පුරුදු දෙයක් නොවේ.

නමුත් ලංකාව වැනි ග්‍රීස්ම රටවල්වල සිටින සුපිරි පැළැන්තියේ සුළුතරයකට අමතරව බොහෝ දෙනා පාවිච්චි කරන්නේ සාමාන්‍ය ජලයයි. විශේෂයෙන්ම බණ්ඩාරවෙල, බදුල්ල, නුවරඑළිය වැනි ප්‍රදේශවල ජීවත්වන සාමාන්‍ය ජනතාව සෑම උදෑසනකම ළිෙඳන්, පීල්ලෙන් පයිප්පෙන්, දිය ඇල්ලෙන් නාන විට අයිස් බකට් අභියෝගයට දෛනිකව මුහුණ දෙයි. නමුත් මේ නිහ~ අහිංසක බහුතරයගේ පින්තූර, වීඩියෝ ගන්නටවත් ඉන්ටර්නෙට් ජාලයේ ඔවුන් දිනපතා මුහුණ දෙන මේ අභියෝගය ගැන පෙන්වා දීමටවත් කිසිවෙකු නොමැත.

එපමණක් නොව අද විශේෂයෙන්ම මොණරාගල, හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක කිහිපයකම තදබල නියඟය නිසා එහි ජීවත්වන ජනතාව බරපතළ පීඩනයකට ලක්ව ඇති මොහොතක තමන්ගේ තාත්තලාගේ නම් උගස්කර දේශපාලනයට රිංගාගත් ආණ්ඩුවේ ඇතැමුන් කොළඹ සිට ජලය මේ ආකාරයට නාස්ති කිරීම, නියඟය නිසා දැඩි සේ පීඩාවට පත්ව සිටින ජනතාවට කරන එක්තරා සරදමක් වැනිය.

මේ රටේ බහුතරයක් අද ජීවත්වීමට බැරුව පීඩා විඳින මොහොතක, දරුවන්ට කන්න දෙන්න බැරි අම්මලා, තාත්තලා සිය දරුවන් මරා දැමීමට පවා පත්ව ඇති යුගයක, එසේ නැතිනම් සිය දරුවන් සමග දිවි නසා ගන්නා යුගයක, මහජනතාවගේ මුදලින් ජාත්‍යන්තර ජාවාරම්කාර මුදලාලි පැළැන්තිය වෙනුවෙන් කොළඹ නගරයේ පාරම්පරික ජනතාව මහ පාරට ඇද දමා සුපිරි මන්දිර ඉදිකරන, ජාත්‍යන්තර ගණිකාවන් රටට ගෙන්වාගෙන අගනුවර පමණක් නොව මහනුවර පූජනීය නගරයේ පවා නයිට්රේස් පවත්වන රාජපක්ෂ රෙජිමයේ මෙම පියරු බබාලාගේ ''අයිස් බකට්'' ක්‍රියාකලාපයෙන් නැවත වරක් තහවුරු වන්නේ මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ''මේරි ඇන්ටනෙට්'' ආකල්පයයි

පාන් නැත්නම් කේක් කාපල්ලා කියා රාජපක්ෂලා ජනතාවට කියන දවස වැඩි ඈතක නොවනු ඇත.

මංගල සමරවීර
පාර්ලිමේන්තු මන්ත්‍රී
එක්සත් ජාතික පක්ෂය

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us