'ෆේස්‌ බුක්‌' මිනී මැරුමක්‌ !

Published in පුවත්
Tuesday, 26 August 2014 11:22

ෆේස්බුක් මගින් හඳුනාගත් පාසල් සිසුවියක පැහැරගෙන ගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගත් බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ තරුණයකු ඊයේ (25) ඇප නියමව අධිකරණ භූමියෙන් පිටත්ව යන විට සිසුවියගේ පියා විසින් අලුත්කඩේ රථවාහන අධිකරණය ආසන්නයේදී එම සැකකාර තරුණයාගේ පියාට පිහියකින් ඇන ඝාතනය කොට තරුණයාවත් ඔහුගේ සොහොයුරියවත් ඝාතනය කිරීමට උත්සාහකර තිබේ.

 එහිදී තුවාල ලැබූ සැකකාර තරුණයාත් ඔහුගේ සහෝදරියත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සිසුවියගේ පියාගේ ඉලක්කය වී ඇත්තේ සැකකාර තරුණයාය. තරුණයා බේරා ගැනීමට පියා මැදට පැනීම හේතුවෙන් ඔහු පිහි ඇනුමට ලක්ව මියගොස් ඇති බවත් තරුණයාගේ සහෝදරිය පිහි ඇනුමෙන් තුවාල ලබන්නේ පියාත් සහෝදරයාත් බේරාගැනීමට යෑමෙන් බවත් ‍පොලීසිය සඳහන් කරයි. මෝදර ප්‍රදේශයේ පදිංචිකාරියක් වන 17 වියැති එම සිසුවිය කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ දෙමළ විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටින්නියකි.


 ඇය පැහැරගෙන ගොස් දූෂණය කර නිරුවත් ඡායාරූප ගත් බව සඳහන් තරුණයා මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ෆේස්බුක් මගින් දැන හඳුනාගත් මේ දෙදෙනා පෙම්වතුන් බවද කියයි.

කොටහේන ප්‍රදේශයේ පිහිටි සුපිරි අවන්හලක් අසලදී ෆේස්බුක් පෙම්වතාව මුණගැසීමට ඇය ගිය අවස්ථාවේ ඉකුත් 19 වැනිදා ඇය පැහැරගෙන ගිය බවත් ගල්කිස්ස ප්‍රදේශයේ නවාතැන් ‍පොළකදී නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා ෆේස්බුක් හි පළකරන බව පවසා දූෂණය කළ බවත් 20 වැනිදා ඒ සම්බන්ධයෙන් කොටහේන ‍පොලීසියට ලැබි ඇති පැමිණිල්ලෙහි සඳහන්ව තිබෙන බව කියයි.


 එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ කොටහේන ‍පොලීසිය සැකකාර විසිපස් වියැති තරුණයා අත්අඩංගුවට ගෙන කොළඹ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී පෙරේදා (25) දක්වා තරුණයා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. අධිකරණයෙන් ඔහුට ඇප ලැබිමෙන් පසු සිය පියා සහ සහෝදරිය සමග අධිකරණ භූමියෙන් පිටතට පැමිණි අවස්ථාවේදී සිසුවියගේ පියා ඒ අයට උල් ආයුධයකින් ඇන ඇතැයි ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.


එම පිහි ඇනුමෙන් මියගොස් ඇත්තේ ජී.ඒ. ජේසීලන් නමැති 61 වියැති තරුණයාගේ පියාය. ඇඩොන් නිරෝෂන් නමැති තරුණයාත් දිලීෂා නමැති විසිතුන් වියැති තරුණයාගේ සහෝදරියත් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව ‍පොලීසිය සඳහන් කරයි.


මුත්තයියා සෙල්වරාජ් නමැති පනස්එක් වියැති සිසුවියගේ පියා සැකපිට කෙසෙල්වත්ත ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වාගෙන යනු ලබන බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us