ශිරානිගේ ඉල්ලීමට අධිකරණයේ අනුමැතිය

Published in පුවත්
Tuesday, 26 August 2014 10:19

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි වත්කම් බැරකම් නඩුවලට අදාළ ජාතික සංවර්ධන බැංකුවේ (එන්. ඩී. බී.) ප්‍රශ්න ගත ගිණුම්වල පරිගණක දත්ත පරීක්‍ෂා කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඊයේ (25 දා) අවසර ලබා දුන්නේය.

හිටපු අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දන්වා සිටි කරුණු කෙරෙහි සැලකිලිමත් වෙමින් ලබන මස 03, 04 හා 05 යන දිනවලදී අදාළ පරිගණක දත්ත පරීක්‍ෂාවට අවසර ලබාදුන් මහෙස්‌ත්‍රාත්වරයා ඒ සඳහා අධිකරණ ලේඛකාධිකාරිවරයාගේ සහායද ලබා ගන්නා ලෙසට නියෝග කළේය.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් ගොනු කළ වත්කම් බැරකම් නඩු තුනකට අදාළව විභාගයක්‌ පැවැත්වීමට පෙර ප්‍රශ්නගත බැංකු ගිණුම්වල පරිගණක දත්ත පරීක්‍ෂා කර වාර්තාවක්‌ ලබා ගැනීමට අවශ්‍ය බවට බණ්‌ඩාරනායක මහත්මිය කළ ඉල්ලීමක්‌ අනුව මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

සිද්ධියට අදාළ නඩු විභාගයට ගැනීමට දින නියම කිරීම සඳහා නඩු තුනම ලබන සැප්තැම්බර් 26 දා යළි කැඳවන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

ජාතික සංවර්ධන බැංකුවේ පවත්වාගෙන ගිය බැංකු ගිණුම් දෙකක තොරතුරු 2010, 2011 හා 2012 යන වසර වලදී වත්කම් බැරකම් ප්‍රකාශනයට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් නඩු තුනක්‌ ගොනු කර ඇත. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us