ඔහු මේ බව පැවසුවේ රට රකින නිල් පවුර සුරකිමු මව්බිම තේමාව යටතේ දඹදෙනිය මැතිවරණ කොට්ඨාශයේ කාන්තා නියෝජිත සම්මේලනය නාරම්මල නගර ශාලාවේදී අමතමිනි.
ඇමතිවරයා එහිදී මෙසේද පැවසීය.
‘කාන්තාවන් ගැන කතා කරන විට අද පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා.විදේශීය රටවලින් යැපෙන ජාත්‍යන්තර ස්වේව්ඡ සංවවිධානවලට වැඩ කරන අපේ රටේ ඉතාම සුළු කාන්තාවන් පිරිසක් ඉන්නවා.විදේශීය තානාපති කාර්යාලවලින් අහනවා උඹලගෙ රටේ කාන්තා කටයුතු බාරදෙන්න කාන්තාවක් නැද්ද කියලා.
ඒ අය මට කීව මේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා.මම කියන්නේ විෂය පද්ධතිය හසුරුවන ආකාරයටයි අමාත්‍යංශ ගැන හොයන්න ඕනේ. එහෙමනම් කාන්තාවන්ට ඇමතිකම් දෙන්න නරකයිනේ.
මේ රටේ විපක්ෂයේ උදවිය ඊර්ෂ්‍යාවට රාජපක්ෂ රෙජිමයට බනිනවා.මම කියන්න කැමතියි වික‍්‍රමසිංහ රෙජිමයක් හදා ගන්නවනම් රාජපක්ෂ රෙජිමය හැමදේටම දක්ෂයි’