කුඩු තිලාන් රටින් පන්නන්න හැදුවේ නිලධාරියෙක්

Published in පුවත්
Tuesday, 26 August 2014 12:53

කටුනායක ගුවන්තොටු‍පොළ හරහා ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගෙන ‘කුඩු තිලාන්’ නමැත්තා මෙරටින් පැන්නීමට උත්සාහ කර ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.

ඊයේ (25) උදෑසන තිලාන් නමැත්තා ගුවන්තොටු‍පොළට පැමිණ ඇති අතර ඔහු ගුවන්තොටු‍පොළේ පිටත සිට ඇතුළට රැගෙන යාමට මෙම නිලධාරියා පැමිණි අවස්ථාවේ ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පැමිණ ඇත්තේ ඔහුගේ හිස වැසෙන සේ තොප්පියක් පැලඳ හා ඔහුගේ ශරීරයේ පච්ච වැසෙන සේ කබායක් පැලඳගෙනය. කෙසේ වෙතත් මේ වන විටත් ‘තිලාන්’ හඳුනාගෙන සිට ඇති අතර ඔහු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වනවිට ආගමන හා විගමන නිලධාරියා සැඟවී ඇති බව හෙළි වී ඇත.

දේවගේ තුසිත චාමර නොහොත් කුඩු ‘තිලාන්’ පැන ගියේ පසුගිය ජුනි 29 වැනිදාය. ඔහු කුඩු ග්‍රෑම් 500ක් සමග මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනුණේ පසුගිය ජුනි 20 වැනිදාය. එසේ අත්අඩංගුවට ගත් පසු බන්ධනාගාරගත කළ අතර ඔහු මහර බන්ධනාගාරයේ සිට රාගම රෝහලට ගෙනැවිත් ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී පලා ‘ගියේය.

ඔහු මෙලෙස ප්‍රතිකාර ලබාගැනීමට පැමිණ ඇත්තේ ඔහු විසින් තම රූපය වෙනස් කරගැනීම සඳහා හා තට්ට හිසෙහි කෙස් ගස් ඇලවීමට ගොස් හටගත් තුවාල හේතුවෙන් බව සඳහන් වෙයි. හිසෙහි ඇතිවූ වණයක් හේතුවෙන් මෙලෙස ප්‍රතිකාර ලබමින් සිටියදී ජුනි 29 රාත්‍රී 8.30ට පමණ මොහු පැනගොස් ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ගේ සහායෙන් බව මේ වනවිට පරීක්ෂණවලදී හෙළි වී ඇත.

එසේ පැනගිය මොහු කොළොන්නාව ප්‍රදේශයේ සැඟව සිට ඇති අතර ඒ සඳහා කොළඹ කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු උදව් දී ඇත.  එසේ සැඟව සිටින අවස්ථාවේ මොහු ඩුබායි රාජ්‍යයට පැනයාමට සූදානම්ව සිට ඇත්තේ ඒ වන විටත් ඩුබායි රාජ්‍යයේ සිටින ඔහුගේ හොර අඹුව සමීපයට යාමට බව මේ වනවිට හෙළි වී ඇත. 

ඔහු මෙලෙස ව්‍යාජ ගමන් බලපත්‍රයේ දේවගේ තුසිත චාමර යන නමට වෙනත් නමක් ලෙස දිසානායක ධනපාල ආරච්චිගේ සාගර තරිඳු යන නම  යොදා ඇත. මේ සඳහා ව්‍යාජ ගමන් බලපත්‍රය සැකසූ පුද්ගලයනුත් ඔහුට ආරක්ෂාව සැපයූ පුද්ගලයිනුත් ඔහුට අවසානයේ විදේශගතවීමට සහාය දුන් පුද්ගලයාත් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ‍පොලිසිය සඳහන් කරයි.
මේ වනවිට ඔහු ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ තබාගෙන ප්‍රශ්න කරමින් සිටී.

(රිවිර) 

Last modified on Tuesday, 26 August 2014 13:05

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us