ඊට හේතුවී ඇත්තේ පැහැර ගැනීම සිදුවු ස්ථානය ඉව කළ ගේ‍්‍රරෝ නමැති පොලිස් නිල සුනඛයා අදාල මන්ත්‍රීවරයාගේ නිවසට ගමන් කිරීමයි.
" මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ පෙරේදා රාතී‍්‍ර 12ට පමන... පිරිසක් ඇවිත් මෙම ස්ථානයේ තිබුණ යම් යම් මෙවලම් ජංගම දුරකථන රැගෙන ගිය බවට වාර්තාවෙනවා... කොල්ල කෑමක් සිදුවී තිබෙන්නේ...
ඊට අදාලව පොලිස් සුනඛයින් යොදාගෙන පරීක්ෂන පවත්වලා තියනවා... දෙන්නෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා... සුනඛයා ස්ථාන කිහිපයකට ගොස් ඇති බවට වාර්තා වෙනවා... ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු නිවසකටත් ගමන් කර තිබෙනවා... මේ සම්බන්ධව පරීක්ෂන සිදු කෙරෙනවා... " යයි මේ පිළිබඳ වැඩිදුර කරුණු දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසිය.