මෙතෙක් වෙලේ සුදා සහ සිද්ධික් මොහොමඞ් නමැත්තා විසින් විදේශ රටවල සිට මෙරටට හොරොයින් එවීමේ ජාවාරමේ නිරත වූ බවත්, එහෙත් කටුගස්තොටදී අසුවූ කුඩු තොගය මෙරටට එවා තිබෙන්නේ වෙනත් පාර්ශ්වයක් විසින් බවට තොරතුරු හෙළි වී තිබෙන බවද පොලිස් මාධය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කරයි.
දැනට වාර්තා වන ආකාරයට තුන්වැනි පාර්ශ්වයේ මෙරට ප‍්‍රධානියා අහමඞ් සබීර් තාජුඞීන් නමැත්තෙකු බවත්, කටුගස්තොට හෙරොයින් තොගය සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්ව තිබෙන බවත්,ඔහු සමග මොහොමඞ් මුනාස් නමැත්තෙකුද අත්අඩංගුවට ගත් බවද ඔහු පැවසීය.