ජුලියන් අසාන්ජ් ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටවීමට සූදානම්

Published in පුවත්
Tuesday, 19 August 2014 13:13
පසුගිය වකවානුවේ ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කල විකිලීක්ස් වෙබි අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් තමන් ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් පිටවීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. එහෙත් ඔහු තම පිටවීම පිලිබඳ නිශ්චිත දිනයක් තවම ප්‍රකාශ කර නොමැත.
 අසාන්ජ්, ඇමරිකාව විසින් ලෝකය පුරා රටවල ඔත්තු බැලූ අයුරු සහ ඔවුන් විසින් අනෙක් රටවල ක්‍රියාකාරකම් පිලිබඳ සොයා ගන්නා ලද රහසිගත තොරතුරු හෙලිකළ විකිලීක්ස් වෙබ් අඩවියේ හිමිකරුවා සහ නිර්මාපකයා වේ. ඔහු විකිලීක්ස් හරහා ලෝකයේ රටවල් බොහෝමයක බුද්ධි අංශවල සහ පාලකයන්ගේ අඳුරු ක්‍රියාද හෙලි කිරීම පියවර ගෙන තිබු අතර ඒ නිසා රටවල් බොහෝමයක් අපකීර්තියට පත්වූ අතර ඒවා අතර අර්බූද පවා හට ගැනීමට හේතු වුයේය.
 මේ තත්වය නිසා දැඩි ලෙස කළබලයට පත්වූ රටවල රහසිගත ඒකමතියක ප්‍රතිඵලයක් ලෙස ස්වීඩනය විසින් අසාන්ජ්ට විරුද්ධව ලිංගික හිරිහැර කළ බවට චෝදනාවක් එල්ල කරමින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කරන ලදි. ඊට සහයෝගය දක්වමින්, ඒ වන විට බ්‍රිතාන්‍යයේ සිටි අසාන්ජ්ව අත්අඩංගුවට ගෙන ස්වීඩනයට භාර දීමට බ්‍රිතාන්‍ය සූදානම් වන බව අවබෝධකරගත් අසාන්ජ් ලෝකයෙන් දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් ඉක්වදෝර රජය තම රටේ දේශපාලන රැකවරණ ලබා දීමට කැමැත්ත පළකල හෙයින් අසාන්ජ් වහාම බ්‍රිතාන්‍යයේ පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයට ගිය අතර තානාපති වරප්‍රසාද නිසා පොලීසියට ඔහුව අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

 

 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us