රාජ්‍ය නොවන සංවිධාන පාලනයට නීති?

Published in පුවත්
Wednesday, 20 August 2014 09:29

රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට නියාමන ක්‍රම වේදයක් සකස් කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.

මෑතකදී මරදාන, සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පැවති රාජ්‍ය නොවන සංවිධාන සහ අතුරු දහන්වූවන් එක්ව පැවැත්වූ රැස්වීමකට බාධා පැමිණුන අතර එයින් පසුව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව මත භේද යලි පැන නැගුණේය. 


ඕනෑම නීතියක්

එම රැස්වීමට එක්ව සිටි අතුරු දහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා, ජී.එල්.පීරිස් අමාත්‍යවරයා කරන ප්‍රකාශය ට ප්‍රතිචාර දක්වමින් පැවසුවේ රජයට ඕනෑම නීතියක් සම්මත කර ගැනීමේ හැකියාව ඇති බවයි.

“හැම එකටම සිග්නල් කණු වගේ අත උස්සන මන්ත්‍රීවරු රාශියක් ඉද්දි ඒ අය ඕනෑම නීතියක් රීතියක් පනවා ගැනීමේ අපහසුවක් නැහැ ” යනුවෙන් කියා සිටි ඔහු පැවසුවේ රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමට ද රජයට නීති රීති ගෙන ඒම අපහසු කරුණක් නොවන බවයි.

එහෙත් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් සිදු කරන කටයුතු කුමන නීති රීති ගෙන ආවත් කුමන දඬුවම් ලබා දුන්නත් කිසිම රජයකට නැවත් වීමට නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.

මහාචාර්ය ජී.එල්.පීරිස් ඇමතිවරයා නීති රීති හඳුන්වා දෙන බව ප්‍රකාශ කොට ඇත්තේ අතුරුදහන්වුවන් පිළිබඳව සොයා බලන එක්සත් ජාතීන්ගේ කමිටුවට රාජ්‍ය නොවන සංවිධාන විසින් තොරතුරු ලබා දෙන බවට චෝදනා එල්ලවී ඇති අවස්ථාවකදීය.

මෑතකදී පාකිස්තාන් සරණාගතයන් පිටුවහල් කිරීම ගැන සාකච්ඡාවක් මතුවූ බව පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් ඊට අදාළ ආයතන එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම්දීම් කරන බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සිදුවන අතුරුදහන්වීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ අතුරුදහන්වීම් පිළිබඳව සොයා බලන කමිටුවට තම සංවිධානය වාර්තා කරන බව  ඔහු සඳහන් කළේය. 
ජනාධිපතිවරයා

1989 දකුණේ අතුරුදහන් කරවීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ අතුරුදහන්වීම් පිළිබඳව සොයා බලන කමිටුව වෙත අදාළ ලියකියවිලි යවන ලද්දේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත බව මහාචාර්ය ජී.එල්.පීරිස් ඇමතිවරයාට මතක්කරදීමට කැමති බව අතුරු දහන් වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

(සංදේශය)

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us