දැරියක් දුෂණය කළ බවට හමුදා සෙබළාට චෝදනා

Published in පුවත්
Wednesday, 20 August 2014 09:35

මන්නාරමේ පනන්කට්ටිකෝට්ටු නැමති ගම්මානයේ බාල වයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන යුද හමුදා සෙබළා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ මෙන් මන්නාරම දිසා විනිසුරුවරිය වූ ආනන්දි කනගරත්නම් ඊයේ (19)  පොලිසියට නියෝග කොට තිබේ.

පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරණ ලද තොරතුරු සැලකිල්ලට ගෙන දිසා විනිසුරුවරිය එම තීරණය ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේය. 

අවුරුදු 14 හැවිරිදි දැරිය දූෂණයකට ලක් ව ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පොලිසියට දැනුම් දෙනු ලැබ ඇත.

දැරිය දූෂණය කිරීමේ චෝදනාව දැරිය ජීවත් වූ ප්‍රදේශයේ හමුදා කඳවුරක සෙබළෙකු වෙත ඉදිරිපත් වී ඇති බව පොලිස් ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

එම සෙබළාගේ නම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවක් හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීම ප්‍රමාද වී ඇති  බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

දැරිය දූෂණය කරණ අන්දම තමන් දුටුවේ යැයි කියන පුද්ගලයෙකුගෙන් ද සාක්කි සටහන් කර ගෙන ඇති බව ද පොලිසිය පැවසිය.

සැකකරුවා අත් අඩංගුවට ගැනීමට මන්නාරම පොලිසිය පියවර ගෙන ඇතයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ ය.


(සංදේශය- දිනසේන රතුගමගේ මුලතිවු සිට)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us