චන්දිමාල්-තිසර එද්දී කුසල්ට තැන අහිමිවේ

Published in ක්‍රීඩා
Wednesday, 20 August 2014 09:57

සංචාරක පාකිස්‌තානු ක්‍රිකට්‌ කණ්‌ඩායම සමග එළැඹෙන 22 වැනිදා සිට ආරම්භ වන එක්‌දින තරගාවලියේ පළමු තරග 2 සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්‌ඩායමට දිනේෂ් චන්දිමාල් සහ තිසර පෙරේරාව නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

පිතිකරුවකු ලෙස දිගින් දිගටම අසාර්ථක වීම මත දිනේෂ් චන්දිමාල් දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියට නම් නොකෙරුණු බැවින් ඔහුව ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායමේ එංගලන්ත තරග සංචාරය සඳහා සහභාගිකරවනු ලැබීය. එහිදී එංගලන්ත ලයන්ස්‌ පිල සමග පැවැති තරගයේදී නොදැවී ලකුණු 119 ක්‌ වාර්තා කරමින් ශ්‍රී ලංකා ඒ පිල ජයග්‍රහණය කරා රැගෙන යැමට චන්දිමාල් සමත්වූවේය.

කණ්‌ඩායමට එක්‌ව සිටින අනෙක්‌ ක්‍රීඩකයා වන තිසර පෙරේරා, දකුණු අප්‍රිකාව සමගින් වූ පළමු එක්‌දින තරග 2 සඳහා වන කණ්‌ඩායමට නම් කර සිටියද තරගයක්‌ නියෝජනය කිරීමේ අවස්‌ථාව අහිමිවිය. අදාළ තරගාවලිය අතරතුර තිසර පෙරේරාගේ වෛද්‍යවරයා විසින් ඔහුට මානසික ආතතියක්‌ ඇති බවට වාර්තා ඉදිරිපත් කිරීම මත තෙවැනි තරගය සඳහා නම් කරන ලද කණ්‌ඩායමට තිසරගේ නම ඇතුළත් නොකිරීමට තේරීම් කමිටුව පියවර ගනු ලැබීය.

පිතිකරුවකු ලෙස අසාර්ථක වී සිටින ආරම්භක පිතිකරු කුසල් පෙරේරාටද සිය ස්‌ථානය අහිමිවී තිබීම විශේෂත්වයක්‌ වේ. ඊට අමතරව දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියේදී කණ්‌ඩායමට එක්‌වී සිටි ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්‌ සහ කිත්රුවන් විතානගේ යන ක්‍රීඩකයන්ට ස්‌ථාන අහිමිවී තිබෙන අතර අතර ඒ වෙනුවට ධම්මික ප්‍රසාද්, සීක්‌කුගේ ප්‍රසන්න සහ සුරාඡ් රන්දීව් කණ්‌ඩායමට කැ`දවා තිබේ.

මේ අතර එක්‌දින තරගාවලියට ප්‍රථම පාකිස්‌තානු පිලට හිමි පළමු සහ එකම පුහුණු තරගය සඳහා වන ශ්‍රී ලංකා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපතිගේ කණ්‌ඩායමේ නායකත්වය උපනායක ළහිරු තිරිමාන්නව පත් කර තිබේ. මෙම තරගය අද (20 දා) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා එක්‌දින කණ්‌ඩායම / ඇන්ජලෝ මැතිව්ස්‌(නායක), ටී. එම්. ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියන්ජන්, ළහිරු තිරිමාන්න(උප නායක), ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, රංගන හේරත්, සීක්‌කුගේ ප්‍රසන්න, සුරාඡ් රන්දීව්, තිසර පෙරේරා.

පුහුණු තරගය සඳහා නම් කරන ලද කණ්‌ඩායම / ළහිරු තිරිමාන්න(නායක), ටී. එම්. ඩිල්ෂාන්, ධනුෂ්ක ගුණතිලක, දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියන්ජන්, කිත්රුවන් විතානගේ, චතුරංග ද සිල්වා, සුරාඡ් රන්දීව්, තිසර පෙරේරා, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර, අනුක්‌ ප්‍රනාන්දු, දසුන් චානක, චතුරංග කුමාර, ෂෙහාන් ජයසූරිය.

(චමිල කරවිට)

Last modified on Wednesday, 20 August 2014 10:09

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us