subash
එංගලන්තයේ කොන්සවේටිව් පක්ෂ මහසමුළුවට සහභාගි වීම සඳහා, එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද එංගලන්තය බලා පිටත්ව ගියේය.
රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී කාන්තාවකට බිම දමාගෙන පහර දුන් පොලිස් නිලධාරියා සීමාව ඉක්මවා බලය පාවිච්චි කර තිබේ නම් ඔහුට විරුද්ධව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා 'බිබිසි සංදේශයට' පැවසුවේය.
ලෝක කුසලානය අත ළඟ තිබියදී ජගත් ක්‍රිකට් කවුන්සිලය පන්දු යවන්නන්ගේ ඉරියව් සම්බන්ධයෙන් මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ සැකයක් මතු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවසුවේය.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල මේ වන විට අන්තර් ජාලය වෙත නිකුත් කර තිබේ.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී විශේෂඥ වෛද්‍යවරයකුගේ නොසැලකිල්ල හේතුවෙන් දරුවෙකුගේ මහපට ඇඟිල්ල ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශණයක් ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ දෙදින වැඩමුළුව ත්‍රස්තවාදී විමර්ශණ ඒකකය (TID) සහ ජාතික සමගිය ගොඩ නැගීමේ සංගමය විසින් කඩාකප්පල් කර තිබේ.
මිස්ටර් බීන්, චාලි චැප්ලින් ගෙන් පස්සේ මැත කාලයේ මිනිසුන් අතර ප‍්‍රහසනය සඳහා ප‍්‍රසිද්ධ චරිතයයි. චාලි චැප්ලින්ගේ ප‍්‍රහසනය තුළ තිබුනාට වඩා වෙනස් දැක්මක් තමා අපට මිස්ටර් බීන් හරහා ලැබෙන්නේ. චාලි චැප්ලින් දේශපාලනිකයි. බීන්ගෙ දේශපාලනය ඊට වෙනස්. ප‍්‍රසනය තුළ විචාරයත් තිබෙනවා.
ජාතියේත් ශාසනයේත් පරම විමුක්තිය රඳා පවත්නේ ජාතියේ මුර දේවතාවුන් කෙරෙහි විනා, එජාප උප නායක රවී කරුනානායකලා වැනි කතෝලික පල්ලියේ දංකුඩ කන නිවට නියාලු ඩොලර් කාක්කන් මත නො වන බව බොදු බල සේනා සංවිධානය පවසයි.
