ක්‍රිකට් පොඩ්ඩන්ට එරෙහිව 'කුමන්ත්‍රණයක්'

Published in ක්‍රීඩා
Monday, 29 September 2014 09:49

ලෝක කුසලානය අත ළඟ තිබියදී ජගත් ක්‍රිකට් කවුන්සිලය පන්දු යවන්නන්ගේ ඉරියව් සම්බන්ධයෙන් මෑතකදී ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ සැකයක් මතු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පැවසුවේය.

‘මේ ක්‍රීඩකයෝ අද ඊයේ ක්‍රීඩා කරපු අය නෙමෙයි. සචිත්‍ර සේනානායක අවුරුදු පහක හයක ඉඳන් ක්‍රීඩා කරනවා. අජ්මාල් වගේ ක්‍රීඩකයෝ අවුරුදු දහයක් පමණ ක්‍රීඩා කරනවා. ඇයි මේ ලෝක කුසලාන තරගාවලියකට ඉස්සෙල්ලා පන්දු යැවීම ගැන කතා කරනවා, පන්දු යැවීම තහනම් කරනවා’ යනුවෙන් හිටපු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා කියා සිටියේය.

දීර්ඝ කාලයක සිට ලෝක කුසලානය ඉලක්ක කර පුහුණු කරවන මෙවැනි ක්‍රීඩකයන්ට එල්ල වන චෝදනා හේතුවෙන් එම ක්‍රීඩකයන් නියෝජනය කරන රට වල තේරීම් කමිටු දැඩි අසීරුතාවකට පත් වන බව අර්ජුන රණතුංග මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සහ පාකිස්තාන ක්‍රීඩකයන්ගේ පන්දු යැවීමේ ඉරියව් සම්බන්ධයෙන් ක්‍රියා කළ තරග තීරකයන් වසර ගණනාවක් වෘත්තියේ යෙදුනු පළපුරුදු විනිශ්චයකරුවන් වන අතර ඔවුන් ලෝක කුසලානය අත ළඟ තිබියදී මේ ආකාරයෙන් ක්‍රියා කිරීම උචිත නැති බව හිටපු නායකයා කියා සිටියේ ය. 

නමුත් ජගත් ක්‍රිකට් කවුන්සිලය එම ක්‍රීඩකයන්ගේ පන්දු යැවීම සම්බන්ධයෙන් නිසි ක්‍රියා පටිපාටියකට අනුව කටයුතු කළා නොවේද ? කියා යොමු කළ ප්‍රශ්නයට, ‘ලෝක කුසලානයක් කටේ තිබියදී, මේකෙ ලස්සනම දේ තමයි ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, සහ එංගලන්තය ලෝක ක්‍රිකට් ආයතන වල බලවතුන් වෙලා ඉන්න මේ රටවල් වල ක්‍රීඩකයන්ට ඇඟිල්ලක් දික් වෙන්නේ නැහැ’ යනුවෙන් ඔහු ඊට පිළිතුරු දෙමින් කියා සිටියේය.

නව සංශෝධනත් සමග ලෝක ක්‍රිකට් කවුන්සිලය විසින් ගනු ලබන තීරණ මෙම රටවල් තුනේ සභාපතිවරුන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙන නිසා ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත තත්වයකට මුහුණ දී ඇති බව අර්ජුන රණතුංග ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා  ප්‍රකාශ කළේය.

ලෝක කුසලානයට කෙටි කලක් තිබියදී සචිත්‍ර සේනානායක වැනි ක්‍රීඩකයෙකුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට සිදු වුවොත් මාස කිහිපයක් ඇතුලත නවක ක්‍රීඩකයකු එම තත්වයට ගෙන ඒමට හැකියාවක් ඇත්දැයි අර්ජුන රණතුංග ප්‍රශ්න කර සිටියේය.

'අජ්මාල් වැනි ක්‍රීඩකයෙක් පාකිස්තාන් කණ්ඩායමෙන් එලියට ගියොත් පාකිස්තානෙට පුලුවන්ද අජ්මාල් ගානට නැතුව බාගෙටවත් හොද ක්‍රීඩකයෙක් හදා ගන්න’ යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ පිළිබඳ ජගත් ක්‍රිකට් කවුන්සිලයෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ එම චෝදනා සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

(බිබිසි සංදේශය)

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us