TID ය වෙබ් මාධ්‍ය වැඩමුළුව කඩාකප්පල් කරයි

Published in පුවත්
Saturday, 27 September 2014 16:43

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ දෙදින වැඩමුළුව ත්‍රස්තවාදී විමර්ශණ ඒකකය (TID) සහ ජාතික සමගිය ගොඩ නැගීමේ සංගමය විසින් කඩාකප්පල් කර තිබේ.

මෙය අද (27) සහ හෙට යන දෙදින තුළ මීගමුව කුඩාපාඩුව ‘රානි බීච් රිසෝට්' හි පැවැත්වීමට නියමිතව තිබූණි.

මෙම වැඩමුළුව සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකාවේ වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන් අන්තර්ජාල ආරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් දැනුවත් කරලීම සඳහාය.

මෙම වැඩමුළුව පවත්වන ස්ථානය පිළිබඳව රහසක් සේ තබා ගැනීමට එම සංගමයේ සභාපතිවරයා වන ප්‍රෙඩී ගමගේ මහතා කටයුතු කර ඇත්තේ මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවෙතැයි යන සැකය නිසාය.

නමුත් ප්‍රෙඩීට අමතරව TID නිලධාරීන්ද එම ස්ථානය පිළිබඳව කලින් දැන සිට ඇත.

අද උදෑසන ප්‍රෙඩී ගමගේ මහතා අමතා ඇති TID නිලධාරියෙකු පවසා ඇත්තේ වැඩමුළුව පවත්වන හෝටලය වටකොට උද්ඝෝෂණය කිරීමේ සැලැස්මක් ජාතික සමගිය ගොඩ නැගීමේ සංගමය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබූ බවයි.

අදාල තත්ත්වය හේතුවෙන් වැඩමුළුවට සහභාගිවන අයගේ ආරක්ෂාව පිළිබඳව පොලීසියට වගකිව නොහැකි බව පවසා ඇත.

මෙම ජාතික සමගිය ගොඩ නැගීමේ සංගමය සමන්විත වන්නේ විශ්‍රාමික හමුදා නිලධාරීන් හා ආබාධිත සොල්දාදුවන්ගෙනි.

ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී අතුරුදන්වූ හමුදා භටයන්ගේ පවුල්වල අයගේ සහායද මෙම සංවිධානයට ලැබී ඇත.

අද උදෑසන ප්‍රෙඩී ගමගේ මහතා අමතා ඇති ‘රානි බීච් රිසෝට්' හෝටලයේ පාලනාධිකාරිය පවසා ඇත්තේ අද උදෑසන සිට හෝටලයේ දුරකතනයට විවිධ පුද්ගලයන් ඇමතුම් ලබාදෙමින් තර්ජන එල්ල කරන බැවින් වැඩමුළුව පැවැත්වීමට ඉඩ ලබාදිය නොහැකි බවයි.

මේ වන විට මීගමුව කරා පැමිණ සිටින වැඩමුළුවේ ආරාධිතයන් විවිධ ස්ථානවල රැදී සිටී.

ඔවුන් පිළිබඳව ඔත්තු බැලීම සඳහා ආරක්ෂක අංශවලට සම්බන්ධ පුද්ගලයන් රාශියක් යොදවා ඇති බව වාර්තා වේ.

(මූලාශ්‍රය srilankamirror.com)

Last modified on Saturday, 27 September 2014 16:48

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us