13 සංශෝධනයට ඉන්දියාවේ අවසරය අවශ්‍යයි

Published in පුවත්
Saturday, 27 September 2014 11:34
දහතුන් වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට ඉන්දියාවේ අවසරය අවශ්‍ය බව වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
 ඒ මහතා එසේ සඳහන් කලේ වයඹ පළාත් සභා රැස්වීම අමතමින්ය.
 
‘ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි කියා තිබෙනවා 13 ට අත තියන්න එපා කියලා. එය හදා තිබෙන්නේ අපට  ඕනෑ විදියට නොව ඉන්දියාවට  ඕනෑ විදිහට.
 
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව පළාත් සභාවට හිමි බල තල ක‍්‍රියාත්මක කරන්නට නම් අපට මුදල් තිබිය යුතුයි. කුමන පක්ෂයක් බලයේ සිටියත් අවශ්‍ය වන්නේ මුදල්. අපි කොතරම් මුදල් ඉල්ලූවත් ලැබෙන්නේ නැහැ. එදත් එකයි.අදත් එකයි. තුනක් ඉල්ලූවොත් දෙන්නේ එකයි. වෙනත් පැති වලින් අපට මුදල් ලැබෙනවා නම් එය අපට ආශිර්වාදයක්.
 
මැටියෙන් හරි බළලා මීයෝ අල්ලනවා නම් හොඳයිනේ. මේ වසරේ ලැබුණු මිලියන 4000 ක මුදල තවමත් වියදම් කරගන්නට බැරි වෙලා. අපට කළ හැකි ප‍්‍රමාණයක් තිබෙනවා. එදා වැහුණු උළු කර්මාන්ත ශාලා දැන් විවෘත වෙනවා. ඇස්බැස්ටස් බෙදා දෙන අපි අද උළු දානවා’ යැයි ද ඔහු එහිදී සඳහන් කලේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us