රත්නපුරේ කාන්තාවට පහර දුන් සැරයන් 'හඳුනා' ගැනේ

Published in පුවත්
Monday, 29 September 2014 09:50

රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළ ඉදිරිපිටදී කාන්තාවකට බිම දමාගෙන පහර දුන් පොලිස් නිලධාරියා සීමාව ඉක්මවා බලය පාවිච්චි කර තිබේ නම් ඔහුට විරුද්ධව කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා 'බිබිසි සංදේශයට' පැවසුවේය.

සමාජ වෙබ් අඩවි තුළ පළ වී ඇති මෙම වීඩියෝ පටයේ සටහන්ව ඇත්තේ සම්පුර්ණ සිදුවීමෙන් අඩක් පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

පරුෂ වචන

පහර කෑ කාන්තාව තවත් කාන්තාවක් සමග පරුෂ වචන කියමින් ගුටිබැට හුවමාරු කර ගනිමින් සිටියදී පහර දීම සිදු කළ පොලිස් නිලධාරියා එම ස්ථානයට පැමිණ ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේය.

පහර කෑ කාන්තාව හඳුනා ගැනීමටත් පහර දීම සිදු වූ අවස්ථාවේ ඒ අසල සිටි පුද්ගලයන්ගෙන් සාක්ෂි සටහන් කිරීමටත් බලාපොරොත්තු වන බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.

පහර දීම සිදු කරන පොලිස් නිලධාරියා හඳුනා ගෙන ඇති අතර අහිංසක නිරායුධ කාන්තාවකට මේ ආකාරයෙන් පහර දුන්නේ නම් එය පොලිස් දෙපාර්තමේන්තුව කිසිසේත් අනුමත නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Last modified on Monday, 29 September 2014 10:02

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us