subash
ජනාධිපතිවරයා පසුගියදා නිවේදනය කල 25% ක විදුලි බිල අඩු කිරීම, ඒකක සිමා නොමැතිව සියළු ගෘහස්ථ පාරිභෝගිකයන්ට ලබා දෙන බවත්, මෙම සහනය කර්මාන්ත, සංචාරක, පන්සල් ආදී අනිකුත් අංශවලට හිමි නොවන බවත් රජය නිවේදනය කරයි.
අැමරිකානු තානාපතිනි මිචෙල් ජේ සීසොන් මහත්මිය ඇතුළු අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරින් පිරිසක් මල්වතු පාර්ශවයේ මහනායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදැක තිබේ.
මහාචාර්ය සේනක බිබිලේ 37 වන ගුණානුස්මරණය ඊයේ (29) කොළඹ සමාජ හා සාමයික කේන්‍ද්‍රයේදී පැවැත්විණි.
ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින දේශපාලන අතුරුදහන් වීම් වලට එරෙහි ක්‍රියාධාරිනියක වන ජයකුමාරි බාලේන්ද්‍රන් නිදහස් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් (29)සඳුදා කොළඹ දී විරෝධතාවක් පවත්වනු ලැබීය.
වඳුරන් රිලවුන් වැනි සතුන් තනිවම හම්බ කර ගෙන කන්නේ නම් උසස් මනසක් හා ශක්තියක් ඇති මිනිසාට එසේ කිරීමට නොහැකි මන්දැයි අගමැති දිමු ජයරත්න ප‍්‍රශ්න කරයි.
ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ශ්‍රී ලංකාවට
සාජන්ට් ගහපු හේතුව, රත්නපුරේ කාන්තාව කියයි (වීඩියෝ)
තමාට පොලිස් සැරයන්වරයා විසින් අමානුෂික ලෙස පහරදෙනු ලැබුවේ ඔහුත් සමග යහන්ගතවීමට නොගිය නිසා බව රත්නපුර නගරයේදී පහරකෑමට ලක්වූ ස්ත්‍රීය පවසයි.
