ජනාධිපතිගේ විදුලි බිල සහනය පන්සල්වලට නැහැ - රජය

Published in පුවත්
Wednesday, 01 October 2014 09:03

ජනාධිපතිවරයා පසුගියදා නිවේදනය කල 25% ක විදුලි බිල අඩු කිරීම, ඒකක සිමා නොමැතිව සියළු ගෘහස්ථ පාරිභෝගිකයන්ට ලබා දෙන බවත්,  මෙම සහනය කර්මාන්ත, සංචාරක, පන්සල් ආදී අනිකුත් අංශවලට හිමි නොවන බවත්  රජය නිවේදනය කරයි.



ඊයේ(30) අඟහරුවාදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේ අදාළ අඩුකිරීම් නොකරන බවට පලවූ මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.


මේ සම්බන්ධයෙන් ඊයේ  පැවතී කැබිනට් මාධ්‍ය හමුවේදී සාකච්ඡාවූ බව පැවසූ අමාත්‍යවරයා,  සියලු ගෘහස්ථ පාරිභෝගිකයන්ට ඒකක සීමාවක් නොමැතිව මෙම සහනය ලබාදීමට එහිදී තීරණය වු බව සඳහන් කළේය. 


එහිදී බිබිසිය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කලේ මෙම සහනය ගෘහස්ථ ඒකක වලට පමණක් හිමි වන බව ජනාධිපතිවරයා නිවේදනය කළ අවස්ථාවේදී නොපැවසුවේ ඇයිද යන්නයි.

"ජනාධිපතිතුමා වේදිකාවට නැග්ගහම මේක කඩල, බෙදලා හෝටලයට මෙච්චරයි, පන්සලට මෙච්චරයි කියල කියන්නේ නැහැ, ප්‍රශ්නයක් තිබ්බේ ගෘහස්ථ. අනිත් ඒවා වලට නොවෙයි , ඒක එතුමා ප්‍රකාශ කළා. හැබැයි මම පිළිගන්නේ නැහැ රටේ ජනාධිපතිතුමාගෙන් අංක ගණිතය දාල සියලු තොරතුරු බලාපොරොත්තු විය යුතුයි කියලා"


ජනතාව රැවටීම

සියලු දෙනාට විදුලි බිල අඩු කරන බව පවසා දැන් එය ගෘහස්ථ පාරිභෝගිකයන්ට පමණක් යැයි පැවසීමෙන් ජනාධිපතිවරයා ජනතාව රැවටීමට ලක් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මේ සම්බන්ධයෙන් බිබිසියට ප්‍රකාශයක් කරමින් පැවසුවේය. 

අදාළ නිවේදනය කිරීමේදී ජනාධිපතිවරයාට "ගෘහස්ථ" යන වචන හතර පැවසීමට නොහැකි වූයේ මන්දැයි මන්ත්‍රීවරයා රජයෙන් ප්‍රශ්න කළේය.

" දැන් කුඩා වෙළඳසැල් හිමියන්ට, කුඩා කාර්යාල පවත්වා ගෙන යන අයට, කුඩා තේ වතු හිමියන්ට වගේ ව්‍යාපාර කරන කිසිවකුට මේ සහනය ලැබෙන්නේ නැහැ, හැබැයි වැඩි කරන කොට මේ සියලු පාර්ශවවල වැඩි කිරීම් කළා"

විදුලි බිල අඩු කිරීම, ඌව මැතිවරණය ජය ගැනීම සඳහා ආණ්ඩුව යෙදූ උප්පරවැට්ටියක් බව පැවසූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා මෙම ගෘහස්ථ සහනයද ලබා දෙන්නේ ජනාධිපතිවරණය ජනවාරියේ පැවැත්වීමට සැලසුම් කරන නිසා බව කියා සිටියේය. 



Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us