කරාබු ගන්න කන්පෙති දෙක කපාගෙන ගිහින්

Published in පුවත්
Wednesday, 01 October 2014 09:06

මීට සතියකට උඩදී බෙල්ලන්විල විහාර මාවතේ නිවසකදී එක්‌දරු මවකට පිහියකින් ඇන ඉතා අමානුෂික අයුරින් වද දෙමින් ඇදගෙන ගොස්‌ මිරිස්‌ ගල් කොටසකින් හිසට පහරදී මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ හිටපු යුද හමුදා විශේෂ බළකායේ (එස්‌. එෆ් ) සෙබළකු සහ තවත් පුද්ගලයකු බොරලැස්‌ගමුව පොලිසිය මගින් ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබ ඇත.



මෙම සැකකරුවන් තීන්ත ආලේප කරන පුද්ගලයන් ලෙස කටයුතු කරමින් බෙල්ලන්විල, විහාර පාරේ තාවකාලික නවාතැන් පළක සිට ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.

මෙම සැකකරුවන් එක්‌දරු මව මරා ඇගේ කන්පෙති දෙකේ තිබූ කරාබු ජෝඩුව ද කපාගෙන කලිසම් සාක්‌කුවල දමාගෙන විත් පිටකොටුවේ තාවකාලික නවාතැන්පළක හිඳ පසුව එම කරාබු ජෝඩුව ගෙන කන්පෙති දෙක එහි කොමඩ් එකකට දමා වතුර ගසා යවා ඇතැයි හෙළි වූ බවද පොලිසිය කියයි.

ඉන්පසු එම මවගේ කරාබු ජෝඩුව හා ගෙලෙහි තිබි ගලවා ගත් රන් මාලය ද මීගමුව හා පිටකොටුවේ පිහිටි උකස්‌ බඩු මධ්‍යස්‌ථානවලට උකස්‌ කර ඇති අතර ඒවාද පොලිසිය සොයාගෙන තිබේ. 

මීට අමතරව ඝාතනයට යොදාගත් පිහිය ද මොවුන් නැවතී සිටි පිටකොටුව තාවකාලික නවාතැන්පළේ සඟවා තිබියදී සොයාගත් බව ද පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්‌ව තිබුණේ බෙල්ලන්විල, විහාර මාවතේ පදිංචිව සිටි පුෂ්පා ප්‍රියන්ති ප්‍රේමකුමාරි (57) නමැති එක්‌දරු මාතාවකි.

මෙම ඝාතනය සිදුවන අවස්‌ථාවේ නිවසේ විසිතුරු මසුන් සහිත ටැංකිය සුද්ද කිරීමට අසල්වැසියකු පැමිණ සිටි අතර ඔහුට ද මෙම සැකකරුවන් පිහියෙන් ඇන තුවාල සිදුකර පසුව ඔහුව නිවසේ ඇඳක ගැටගසා පලාගොස්‌ තිබිණි.

ඝාතනයෙන් පසුව මෙම සැකකරුවන් සේවය කළ ගොඩනැඟිලි සමාගම් කොන්ත්‍රාත්කරුගෙන් ලබාගත් මොවුන්ගේ දුරකථන අංක විමර්ශනය කර උපක්‍රමශීලීව එක්‌ සැකකරුවකු වන 21 හැවිරිදි අනුරාධ නමැත්තා පිටකොටුවට ගෙන්වා ගෙන කොටුකර ගත් බව පොලිසිය කියයි.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනෙක්‌ සැකකරු වන 26 හැවිරිදි ෂේන් නමැත්තා බලංගොඩ ප්‍රදේශයේදී කොටුකරගත් බව ද පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් අනුරාධ නමැත්තා මීට පෙර සීදුව ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියකට සම්බන්ධ අයකු බවත් මෙම ඝාතන සිද්ධියේදී ද එක්‌දරු මාතාව ඝාතනය කර ඇත්තේ ද මෙම සැකකරු බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට පත් ෂේන් නමැති සැකකරු මීට පෙර යුද හමුදා විශේෂ බළකායේ ආධුනික පුහුණු සරඹ උපදේශකවරයකු වශයෙන් කටයුතු කර ඇති අයකු බවත් මොහුද නිවෙස්‌ බිඳුම් කීපයකට සම්බන්ධ අයකු බවත් පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා නුගේගොඩ අතිරේක මහෙස්‌ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

තමන්ට මුදල් නොමැතිවීම නිසා දැඩි අපහසුතාවකට පත්ව සිටි බවත්, මේ නිසා තමන් මෙම කාන්තාව මරා රන් භාණ්‌ඩ කොල්ලකෑ බවත් සැකකරුවෝ පොලිසියට පාපොච්ඡාරණය කර ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us