ජයලලිතා ගේ ඇප ඉල්ලීම කල් දමයි

Published in පුවත්
Tuesday, 30 September 2014 12:49
කර්ණාටක මහ අධිකරණය විසින් හිටපු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ගේ ඇප ඉල්ලීම සලකා බැලීම එලඹෙන ඔක්තෝබර් 06 වැනිදා දක්වා කල් දමා තිබේ. 
ඇප ඉල්ලුම්පත මීට සුළු මොහොතකට පෙර උසාවියට ඉදිරිපත් වූ අතර එහිදී පැමිණිල්ල විසින් සුදුසු ප්‍රති උත්තරයක් ගොනු කිරීම සඳහා කාලය නොමැති බව පැවසීම නිසා නඩු විභාගය සඳුදා දක්වා කල් දමා තිබේ.
 
2001 වසරේදී ද ජයලලිතාට ඉඩම් ගනුදෙනුවක් පිළිබද චෝදනා හේතුවෙන් සති කිහිපයක් බන්ධනාගාරගතවීමට සිදුවිය.
 
එම අවස්ථාවේදී ජයලලිතාට මහඇමති ධුරය අහිමි වූයේ මාස 06කටය.
 
ඇය සිරගත කෙරුණේ 1991 වසරේ ප‍්‍රථම වරට තමිල්නාඩුවේ මහඇමති ධුරයට පත්වී වසර 5ක් තුළ සිය වත්කම ඉන්දීය රුපියල් කෝටි 63කින් ඉහළ යාමට හේතු පැහැදිලි කිරීමට ජයලලිතා අපොහොසත්වීම නිසයි.
 
එම වසර 5 තුළ ඇය රන් කිලෝ 28ක්, සාරි 12,000ක් සහ අක්කර ලක්ෂයක වතු යායක හිමිකාරියක වී තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us