'රවී, කතෝලික පල්ලියේ දංකුඩ්ඩෙක්'

Published in පුවත්
Saturday, 27 September 2014 09:43

ජාතියේත් ශාසනයේත් පරම විමුක්තිය රඳා පවත්නේ ජාතියේ මුර දේවතාවුන් කෙරෙහි විනා, එජාප උප නායක රවී කරුනානායකලා වැනි කතෝලික පල්ලියේ දංකුඩ කන නිවට නියාලු ඩොලර් කාක්කන් මත නො වන බව බොදු බල සේනා සංවිධානය පවසයි.

එහෙයින් දේශයේත්, ජාතියේත් ඒකීයභාවයට එරෙහි සියලු කුමන්ත්‍රණ පැරැදවීමට මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු බෞද්ධ ජනතාව එක්සත්ව, එක්සිත්ව, ජාතික අභිමානයත් ශාසනාලයත් පෙරදැරි ව කටයුතු කළ යුතු බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේ මහතා පවසයි.


'ජාතියේ ඒකීයභාවයට එරෙහි සියලු කුමන්ත්‍රණ පරදවමු!' යන සිරසින් යුතුව විතානගේ මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.


හෙට ( 28 ) සවස 1.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත බොදු බලසේනා මහ සඟ සමුළුව සාර්ථක කර ගැනීම සඳහා දැනටමත් සියලු කටයුතු සූදානම් කොට හමාර ය. දෙස් විදෙස් ගිහි පැවිදි සුවිසල් බෞද්ධ ප්‍රජාවකගේ සහභාගීත්වයෙන් යුත් මෙම මහ සඟ සමුළුව කෙරෙහි සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවගේ ම අවධානය යොමු ව ඇති බැව් නො රහසකි.


මේ අතර නැගෙන බොදු බලයට බිය වූ ඇතැම් ජාතිවාදී, ආගම්වාදී, අවස්ථාවාදී, මූලධර්මවාදී, අන්තවාදී පුද්ගලයන් හා කල්ලිකණ්ඩායම් විසින් එළැඹෙන මහ සඟ සමුළුව දියාරු කර හැරීම පිණිස හා වළක්වාලීම පිණිස නොයෙක් කූට කුමන්ත්‍රණ සමුදායක් ද දියත් කරමින් සිටී.


අප සංවිධානය විසින් ජාත්‍යන්තර බෞද්ධ ප්‍රජාවට කරන ලද පොදු ආරාධනයක් අනුව අන්තවාදයට එරෙහි ව බුරුම බෞද්ධ ප්‍රබෝධයට පණ දුන් අෂින් විරතු හිමියන් මහ සඟ සමුළුවට වැඩවීම පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කුලප්පු වී ඇති ආකාරය එවැන්නකි.

අවිහිංසාවාදී බෞද්ධත්වයට හා සංඝරත්නයට එරෙහි ව ලාංකික මුස්ලිම් ප්‍රජාව උසි ගැන්වීමේ අටියෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය ගෙන යන ප්‍රෝඩාකාරී ප්‍රයත්නය සම්බන්ධයෙන් අපි අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටිමු.

එසේ ම, එවැනි අල් ටකියාවන්ට හසු නො වන ලෙස සකල බෞද්ධ ප්‍රජාවගෙන් ද ඉල්ලා සිටිමු.

මන්දයත්, අපගේ ප්‍රයත්නය දැය නගන මග පෙන්වීම විනා දැය නසන මග කියා දීම නො වන හෙයිනි.


එවැනි මොහොතක සහජීවනය ගරු කරනවා යැයි නිතර දෙවේලේ මතුරන පිරිසක් වශයෙන් සිංහල බෞද්ධ බලවේගයට සහාය වීම පසෙක ලා දැය නසන මගකට අවතීර්ණ වීම ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ අරමුණ නම් සමස්ත ජාතිය ම ඔවුන්ගේ ක්‍රියාකාරකම් කෙරෙහි අවධානයෙන් සිටිය යුතු බව ද තරයේ අවධාරණය කරනු කැමැත්තෙමු.


අනෙක් අතට අවස්ථාවාදය කරපින්නා ගත් ‘දේශපාලඥයින්’ යැ යි කියා ගන්නා ජාතියේ පවට පහළ වූ ඇතැම් කරුමක්කාරයින් විසින් ද නොයෙක් ප්‍රෝඩාකාරී ප්‍රයත්නයන් මේ මොහොතේ දියත් කරනු පෙනෙන්නට තිබේ.


මොවුන්ගේ අරමුණ වී ඇත්තේ ජාත්‍යන්තරයට සිංහල බෞද්ධත්වය සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක් මවා පෙන්වීම හා සඟ බලය මැඩලීමට මාර්ගයක් පාදා ගැනීම යි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ජනමාධ්‍ය හා ජනතාව නො මග යවමින් සිදු කර ඇති ප්‍රකාශය ද එවැන්නකි. එසේ ම එය එක්සත්වන සිංහල බෞද්ධ බලය හමුවේ තවදුරටත් තම බෙදුම්වාදී පාදඩ දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කර ගත නො හැකි වීම පිළිබඳ රටේ දේශපාලඥයන් තේරුම් ගෙන තිබීම පිළිබඳ ඉතා වැදගත් මිණුම් දණ්ඩකි. එහෙයින් ඒ සම්බන්ධයෙන් අපි අතිශයින් සතුටට පත්වෙමු.


කෙසේ වෙතත්, සුවහසක් බෞද්ධ ජනතාවගෙන් අපි කාරුණික ව හා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ජාතියට මළගම කැන්දන මෙවැනි අවස්ථාවාදීන්ගේ මරඋගුල්වලට තවදුරටත් හසු නො වී, ජාතියක් වශයෙන් එක්සත් ව එක්සිත් ව නැගී සිටිය යුතු මේ අවස්ථාවේ දී මහා සංඝරත්නය හා එක් ව කටයුතු කරන ලෙසයි.

මන්දයත්, ජාතියේත් ශාසනයේත් පරම විමුක්තිය රඳා පවත්නේ ජාතියේ මුර දේවතාවුන් කෙරෙහි විනා කතෝලික පල්ලියේ දංකුඩ කන නිවට නියාලු ඩොලර් කාක්කන් මත නො වන හෙයිනි.


එහෙයින් දේශයේත්, ජාතියේත් ඒකීයභාවයට එරෙහි සියලු කුමන්ත්‍රණ පැරැදවීමට මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු බෞද්ධ ජනතාව එක්සත් ව එක්සිත් ව, ජාතික අභිමානයත්, ශාසනාලයත් පෙරදැරි ව කටයුතු කළ යුතු බව සිහිපත් කරන්නෙමු.


කවුරු කෙසේ කීවත්, කවරෙක් කවර ප්‍රයත්න දැරුවත් එළැඹෙන 28 වැනි දින මහ සඟ සමුළුව උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්, සම්‍යක් දෘෂ්ටික වූ සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගේ රැකවරණයෙන්, සකල සිංහල බෞද්ධයාගේ ම ජාතික ශාසනික අපේක්ෂාවන් මල්ඵල ගන්වමින් සාර්ථක වන බව ඉතා වගකීමෙන් හා ශුභවාදී ව අවධාරණය කරමු.


මන්දයත්, අපගේ මේ ව්‍යායාමය උතුම් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා විනා හුදෙක් රජ සැප පිණිස නො වන හෙයිනි.
තෙරුවන් සරණ යි!

මෙයට,

දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී
බොදු බල සේනා
2014 සැප් 26 දින දී ය.

Last modified on Saturday, 27 September 2014 16:29

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us