2015 දීත් වැඩි කොටස රාජපක්ෂලාට

Published in පුවත්
Saturday, 27 September 2014 09:18

2015 වසරේ සමස්‌ත වියදම දැක්‌වෙන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (26 දා) අගමැති දි. මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අය වැය පළමුවර කියෑවීම සිදු කළේය.

මේ අනුව ලබන වසරට රජයේ සමස්‌ත වියදම රුපියල් කෝටි එක්‌ලක්‍ෂ අසූඑක්‌දහස්‌ දෙසීයක්‌ වන අතර දෙස්‌ විදෙස්‌ වශයෙන් රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි එක්‌ලක්‍ෂ තිස්‌හතරදහසකි.



විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ වැඩිම මුදලක්‌ වෙන් කර තිබෙන්නේ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයටය. එය රුපියල් කෝටි විසිඅටදහස්‌ පන්සිය දෙකකි.

මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යාංශයට වෙන් කර ඇති අතර එය රුපියල් කෝටි විසිදහස්‌ තිස්‌තුනකි.


ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය වෙනුවෙන් රුපියල් කෝටි නවසිය පනස්‌නවයක්‌ ද වෙන් කර ඇති අතර උසස්‌ අධ්‍යාපනය සඳහා රුපියල් කෝටි හාරදහස්‌ එකසිය දහයක්‌ ද, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි හාරදහස්‌ හත්සිය හැටක්‌ ද වෙන් කර ඇත.



මේ ආකාරයට සියලු අමාත්‍යාංශ සඳහා විසර්ජන පනත් කෙටුම්පත මගින් මුදල් වෙන් කර තිබේ.

මෙම වියදම් පියවා ගැනීම සඳහා වන යෝජනා ජනාධිපතිවරයා විසින් අය වැය ලේඛනය මගින් ඉදිරිපත් කරනු ඇත.



2015 අයවැය විසර්ජන පනත් කෙටුම්පතෙහි අන්තර්ගත සැකෙවින් පහත පළවේ. 


    රජයේ මුළු වියදම - රු. කෝටි එක්ලක්ෂ අසු එක් දහස් දෙසීයයි.

    රජයේ ණය ගැනීම් සීමාව - රු. කෝටි එක් ලක්ෂ තිස් හතර දාහයි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 28,502

    පළාත් පාලන අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 23,468

    මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 20,033

    මුදල් අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 18,082

    රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වියදම - රු. කෝටි 15,371

    සෞඛ්‍ය අමාත්‍යාංශය - රු. කෝටි 13,949

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය - රු. කෝටි 11,300

    අධ්‍යාපන අමාත්‍යාංශය - රු. කෝටි 4,760

    උසස් අධ්‍යාපන අමාත්‍යාංශය - රු. කෝටි 4,110

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us