මෙම නවීනතම ලොව දියුණු රටවල සිදුකෙරෙන බයිපාස් හදවත් සැත්කමේදී සාමාන්‍ය බයිපාස් හදවත් සැත්කමකදී රෝගියාගේ පපුවෙහි සිදුකරනු ලබන අඟල් 8 ත් 10 ත් අතර වූ කැපුම අඟල් 2 ත් 3 ත් අතර වූ සුළු කැපුමක් දක්‌වා අඩු කෙරෙන බව වෛද්‍ය ගුප්තා කීවේය. නාරාහේන්පිට ආසිරි ශල්‍ය රෝහලේ සිදුකරනු ලබන මෙම නවීනතම බයිපාස් හදවත් සැත්කමට යොදා ගන්නා තාක්‌ෂණය එම්අයිසීඑස් ක්‍රමවේදය නමින් හැඳින්වේ.
දැනටමත් මෙවැනි සැත්කම් 12 ක් එම රෝහලේදී සියයට සියයක සාර්ථකත්වයකින් සිදු කර ඇති බව ඔහු කීවේය.
මෙහිදී එම්. අයි සී. එස්. ක්‍රමවේදය යටතේ පපුවෙහි මැද පිහිටි අස්‌ථියෙහි කැපුමක් සිදු නොකරන අතර රුධිර නාල අවහිර වී ඇති ස්‌ථාන කිහිපයක එම අවහිරතා මඟහැරවීමට පියවර ගැනේ. මෙහිදී සැත්කම සිදු කරනුයේ සාමාන්‍ය බයිපාස් හදවත් සැත්කමකදී රෝගියාගේ හෘදය වස්‌තුව කෘත්‍රිමව ක්‍රියාකරවීම සඳහා සැත්කම අතරවාරයේදී සවිකරනු ලබන හෘද පෙනහළු උපකරණයද (හා(ර්)ට් ලන්ස්‌මෙෂින් නොමැතිවය.
"ඔක්‌ටොපස් හෙවත් බූවල්ලා නමැති තාක්‌ෂණය භාවිතයෙන් රෝගීන්ගේ හෘදය වස්‌තුව මෙහිදී සැත්කම පුරා සජීවීව ක්‍රියාකාරිත්වයේ පවත්වා ගන්නා බව වෛද්‍ය ගුප්තා කීවේය. සාමාන්‍ය බයිපාස් හදවත් සැත්කමක් සිදුකර ගත් පසු රෝගියාට සති 6 ක් අනිවාර්යයෙන් විවේක ගත යුතු වුවද මෙම නවතම සැත්කම යටතේ එය දින 4 කට සීමා වන බව හෙතෙම සඳහන් කළේය. පසුගිය 24 දා නාරාහේන්පිට ආසිරි ශල්‍ය රෝහලේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
සාමාන්‍ය බයිපාස් හදවත් සැත්කමකට වඩා අවදානම, අතුරු ආබාධ, සැත්කමේදී සිදුකරන කැපුම හේතුවෙන් විෂබීජ ආසාදනයක්/රුධිර වහනය සිදුවීමේ ඉඩකඩ අඩු නවීනතම තාක්‌ෂණය යොදා ගෙන සිදුකරනු ලබන බයිපාස් හදවත් සැත්කම් විශේෂයක් දැන් ශ්‍රී ලංකාවේ දී සිදු කෙරෙන බව ඉන්දීය ජාතික හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍ය විවේක් ගුප්තා මහතා පැවැසීය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රීලංකාව සමත් වෙයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත් වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසි...

