වැට්‌ බදු වංචාවට වසර 20 බැගින් හිරේ

Published in පුවත්
Saturday, 27 September 2014 09:13

රුපියල් කෝටි හාරසියයකට ආසන්න වැට් බදු වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබඅධිකරණය මග හැර සිටි විත්තිකරුවන් අට දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර විස්ස බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන ලදී.


වෘත්තියෙන් ව්‍යාපාරිකයන් වූ විත්තිකරුවන් අට දෙනාට ඉහත කී සිර දඬුවමට අමතරව රුපියල් කෝටි තුන් දහසකට ආසන්න දඩයක් ද නියම කරන බව අධිකරණය ප්‍රකාශ කළේය. 

මහාධිකරණය විසින් වරද කරුවන් හැටියට තීන්දු කරන ලද්දේ ආර්.එන්.මුර්ෂිඩ්, ඊ.එම්.රියාස්, ඒ.එස්.එම්.අවාමි, එම්.එන්.කාදර්, ඒ.ඊබ්රාහිම්, එස්.කුමුක්දින්, එම්.එල්.අලි සහ එන්.කේ.එම්.සෆික් යන චූදිතයන් අට දෙනායි.

වැට් බදු වංචා සම්බන්ධයෙන් නඩු පැවරීමෙන් පසුව එම විත්තිකාර ව්‍යාපාරිකයින් අට දෙනා රටින් පළා ගිය අතර ඔවුන් නොමැතිව අධිකරණය නඩු විභාගය පවත්වන ලදී. 

එහෙත් නීතිවේදීන් කණ්ඩායමක් චූදිතයන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නඩු විභාගය අවසානයේ ඊයේ  සිකුරාදා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ ප්‍රකාශ කළේ විත්තිකරුවනට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොර ව ඔප්පු වී ඇති බවයි.


දේපළ රාජසන්තකයි




‘විත්තිකරුවන් අට දෙනාට එරෙහිව ඉදිරිපත් කල චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී තිබෙනවා. ඒ අනුව විත්තිකරුවන්ට පොදු දේපල පනත යටතේ ලබා දිය හැකි උපරිම දඬුවම් අධිකරණය නියම කරනවා.”යි පවසමින් මහාධිකරණ විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

දඬුවම් නියම වූ විත්තිකරුවන් අත් අඩංගුවට ගන්නා මෙන් ජාත්‍යන්තර පොලිසිය වෙත වරෙන්තුවක් ද නිකුත් කල කොළඹ මහාධිකරණ විනිසුරුවරිය දඬුවම් පමුණුවන ලද විත්තිකරුවන් සතු දේශීය සහ විදේශීය සියලු වත්කම් පිළිබඳ තොරතුරු සොයා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් රහස් පොලිසියට නියම කළාය.

එම වාර්තා ලැබීමෙන් අනතුරුව ඔවුන් සතු දේපළ රාජසන්තක කිරීමට අදාළ නියෝග නිකුත් කරන බවත් විනිසුරුවරිය ප්‍රකාශ කළාය.

රුපියල් කෝටි හාරසීයකයට ආසන්න වැට් බදු වංචා කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව 2001වසරේ දී නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us