කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ එහි ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

දකුණු අප්‍රිකානු කොවිඩ් වෛරස් ප්‍රභේදය වන B 1.351 පළමුවරට ශ්‍රී ලංකාවෙන් ද හමුවී ඇති බව වාර්තා වේ.

අද සිට සතොස අලෙවි සැල් මගින් තවත් භාණ්ඩ කිහිපයක මිළ අඩු කර පාරිභෝගිකයාට ලබා දීමට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇත.

නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබාගැනීම ඉදිරි සති කිහිපය තුළ සිදුකෙරෙන බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

1971 ස්ථාපිත කළ ශ්‍රී ලංකා වානිජ නීතිගත ටැක්ටර් සංස්ථාව 1977දී පෞද්ගලිකකරණය කිරීමෙන් පසු,වසර 2000 දී එය සමාගමක් බවට පත්කිරීමේ දී සේවය අහිමිවූ මෙතෙක් වන්දි නොගෙවූ සේවකයන් 28 දෙනෙකුට අද දින එම වන්දි මුදල් ප්‍රදානයකම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ දී පැවැත්විය.

මෙරටට සීනි ආනයනය කිරීමේදී පැනවූ බදු සහනයෙන් රජයට රුපියල් කොටි 1595 කට අධික බදු මුදලක් අහිමි කිරීමට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

සීනි බදු පහත දැම්මාය කියා මේ වනවිට විපක්ෂය දේශපාලන පක්ෂ ආණ්ඩුවට එරෙහිව විශාල විරෝධයක් ප්‍රකාශයට පත්කරමින් තිබේ. ආණ්ඩුව පැත්තෙන් වරදක් වී ඇති බව සැබෑය. එය විපක්ෂය විසින් හෙළිදරව් කිරීමත් වැරදි නැත.

ජාතික පෙරමුණේ නායක අසාද් සාලි පසුගියදා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගතයුතු බව ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ප්‍රකශ කර තිබෙනවා.

මෙරට පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා මියන්මාර රජයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කිරීම ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකශ කර තිබේ.

Connet With Us