වසර 18කට පසු ටැක්ටර් සංස්ථා සේවකයින්ට රජය වන්දි ලබාදෙයි

Published in පුවත්
Friday, 12 March 2021 13:39

1971 ස්ථාපිත කළ ශ්‍රී ලංකා වානිජ නීතිගත ටැක්ටර් සංස්ථාව 1977දී පෞද්ගලිකකරණය කිරීමෙන් පසු,වසර 2000 දී එය සමාගමක් බවට පත්කිරීමේ දී සේවය අහිමිවූ මෙතෙක් වන්දි නොගෙවූ සේවකයන් 28 දෙනෙකුට අද දින එම වන්දි මුදල් ප්‍රදානයකම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ දී පැවැත්විය.

එමගින් වසර ගණනාවක් තමන්ගේ හිඟ වැටුප් සහ වන්දි ලබා ගැනීමට නොහැකිව සිටි ට්‍රැක්ටර් සංස්ථා සේවක පිරිසට එම පාරිතෝෂිත දීමනා සහ වන්දි ලබාදීමට හැකිවූ බව අමාත්‍යවරයා සදහන් කර ඇත.

කම්කරු දෙපාර්තමේන්තු ප්‍රධාන වගකීම වන්නේ කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමයි.එම නිසා පහුගිය කෙටි කාලය තුළ තුල කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කර දෙන කරදෙන පනත් රාශියක් අපිට අලුතෙන් ගෙන යෑමට හැකි වුණා .එසේම පසුගිය වසර ගණනාවක් ඉටු කිරීමට නොහැකි වූ වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් දහසක් කිරීමේ ඉල්ලීම දීර්ඝ සාකච්ඡා රාශියකින් පසු ලබාදීමට හැකිවීම ද විශාල ජයග්‍රහණයකි.

අදාල සේවකයන්ගේ හිඟ වැටුප් පාරිතෝෂිත දීමනාවලට අදාල චෙක්පත් එහිදී ලබාදුන් අතර ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල්වල ප්‍රතිලාභ මුදල් මෙම සේවකයන් විසින් ඉල්ලීම් කළ විට කඩිනමින් ලබාදීම නුදුරු දිනයක සිදු කිරීමට නියමිතයි .එම අර්ථසාධක මුදල් මහ බැංකුවට මේ වනවිට යොමු කර ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරේ.

මෙහිදී අදහස් දැක්වූ එම සේවක එකමුතුවේ සභාපති පී.ඒ.ඩි.ඩග්ලස් ,

''වසර 20කට ආසන්න කාලයක් මෙම රැකියා අහිමි වීමෙන් පසු තමා තම සහෝදර සේවකයන් ඇමතිවරු රාශියක් ලඟට යමින් තමන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළ බවත්,සමහර ඇමතිවරු ලඟට තුන්සිය වාරයකට ආසන සංඛ්‍යාවක් ගිය බව ද ඔහු පැවසීය.ලිපි ලේඛන දස දහස් ගණනකට ආසන්න සංඛ්‍යාවක් තමන් විසින් සකස් කර විවිධ පුද්ගලයන් වෙත යවා ඇති බව ද එහෙත් තම ඉල්ලීම් පිළිබඳ ඉතාම සාවධානව කරුණු විමසා ඒ මොහොතේම ලේකම්තුමා සමග සාකච්ඡා කර ඉතාම කෙටි කාලයක් තුළ දී අප සාමාජිකයන්ට සාධාරණත්වය ඉටු කර එම වන්දි මුදල් සහ සියලු මුදල් ලබාදීමට ඉතාමත් කඩිනමින් පියවර ගත් වර්තමාන කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට තම සාමාජිකයන් සහ එම පවුල්වල සියලු දෙනාම ස්තූතිවන්ත වන බව ඩග්ලස් මහතා මෙහිදී පැවසීය.”

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us