වෙළඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ,ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සැකසීම වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කර ඇති බවයි.
සමූපකාර ක්‍ෂේත්‍රයේ පවතින අඩුපාඩු මඟ හරවා ගැනීම සඳහා සමූපකාර ප්‍රතිපත්තියක් සැකසෙන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
එසේම සතොස වෙළඳසැල් අලුතින් ආරම්භ කිරීමේදී ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමේ අවශ්‍යතාවද මෙම උපදේශක කාරක සභාවේදී මතුවී ඇති බව සඳහන්.
මීට අමතරව සිදුව ඇති දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන ලෙසටයි එහිදී සාකච්ඡා වී ඇත.
-පංචාලි අබේසේකර