සීනි වංචාවට නීතිමය පියවර ගන්නයැයි ඉල්ලා හඳුන්නෙත්ති අද ශ්‍රේෂ්ඨාධිකරණයට

Published in පුවත්
Friday, 12 March 2021 13:22

මෙරටට සීනි ආනයනය කිරීමේදී පැනවූ බදු සහනයෙන් රජයට රුපියල් කොටි 1595 කට අධික බදු මුදලක් අහිමි කිරීමට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යංශයේ ලෙකම් එස්.ආර්. ආටිගල, පිරමිඩ් විල්මා ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ සජාස් මවුසූන්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ නීතිපතිවරයා ඇතුළු 9 දෙනෙකුය.

එහිදී හඳුන්නෙත්ති ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී ඇත්තේ, රජයට එවැනි අති විශාල පාඩුවක් කරමින් සීනි ආනයනය කිරීමට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට නියෝගයක් කරන ලෙසත් එම දූෂණය වැලැක්වීමට අපොහොසත්වීම හෝ පැහැර හැරීමෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු වගඋත්තතරකරුවන්, රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවයි.

පාඩුව යළි අයකර ගැනීමට පියවර ගන්නා ලෙසට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු රුපියල් කෝටි 50 ක වන්දියක් අයකරගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

කෙසේවෙතත් මේ පිළිබදව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ නිතිපතිවරයට උපදෙස් ලබා දී ඇති බව දැනගැනීමට තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us