පසුගිය මාර්තු 01 වෙනදා වෙන විට ශ්‍රී ලංකාව සදහා හදුන්වා දිමට හැකි Unlimited Internet Packages පිළිබඳ විස්තර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දෙන මෙන් ඔවුන් ලංකාව තුල සේවා සපයන සියලු ජංගම දුරකථන සේවා ආයතන වෙත දැනුම් දි තිබුණු අතර ඔවුන් විසින් මේ වෙන විටත් මහජනතාව වෙත ලබා දිමට හැකි විවිධ Unlimited Internet Packages පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ලබා දි තිබෙනවා.

 ස්වර්ණමහල් ජුවෙලර්ස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් වන එකම පවුලේ සිවුදෙනා නීති විරෝධී අයුරින් උපයන ලද රුපියල් කෝටි ගණනක මුදල මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති බව නීතිපතිවරයා අධිකරණය වෙත දැනුම් දී තිබේ.

රාජිත සේනාරත්න කියන්නේ දන්න කාලයේ සිටම ගේම්කාරයෙකි. එසේ මෙසේ ගේම්කාරයකුත් නොවේ. රාජිතගේ ගේම් ඇඟ කිළිපොලා යන ත්‍රාසජනක සිදුවීම්වලින් ගහනය. විටෙක ඒ මිනිස් ජීවිත සමඟ කරන අති බිහිසුණු ගේම්ය. ඒත් සමහර ඒවා අතේ පත්තු වී රෙද්දත් කඩාගෙන අවසන් වූ හැටි පසුගිය කාලයේ දකින්නට ලැබිණි.

රවී කරුණානායක ඇතුළු පිරිස අත්අඩංගුවට ගනුලැබුවේ පළාත් සභා ඡන්දය ලඟඑන නිසා නොවන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මානව වර්ගයාගේ සංවර්ධනය යන්න ගොඩනැගෙන්නේම ස්වභාව ධර්මය ජයගැනීම යන්න පදනම් කරගෙනය. ස්වභාව ධර්මය ජයගැනීම යන්නේදී වනාන්තර කපා එළිපෙහෙළි කිරීමත් එහි අනිවාර්යයක් වූ අතර අදත් එය එලෙසම සිදුවෙමින් තිබේ.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රැකියාවට යාමෙි අපහසුතා හේතුවෙන්, අදාළ ආයතනය විසින් සේවයෙන් ඉවත්කිරීම හේතුවෙන් හෝ වෙනත් අපහසුතා හේතුවෙන් රැකියා අහිමි වූ පෞද්ගලික අංශයේ සේවයේ නියුතුව සිටි අය පිළිබඳව තොරතුරු රැස්කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට පියවර ගෙන තිබේ.

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ආර්ථිකය කඩා වැටී ඇති මෙවන් අවස්ථාවක සංචරණ සීමා පැනවීම මගින් සිදුවන්නේ තවතවත් රට අගාධයට පත්වීම පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර තිබෙනවා.

බහුජාතික බීම සමාගම් කිහිපයක් ඇතුළු මෙරට ප්‍රධාන පෙ​ළේ ව්‍යාපාරික ආයතන, සමාගම් හා කර්මාන්ත ශාලා 500කට අධික ප්‍රමාණයක් නළ ළිං මගින් භූගත ජලය සූරා ගැනීමක් සම්බන්ධව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහෝන්ද රාජපක්ෂ ඊයේ (17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ප්‍රකාශ කර තිබේ.

සිංහරාජ වනාන්තරය අවට දැනට වන ගහනය පවතින පෞද්ගලික ඉඩම් කඩිනමින් රජයට පවරා ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Connet With Us