කොවිඩ් තුන්වන රැල්ලක්ගැන අනතුරු ඇඟවේ !

Published in පුවත්
Saturday, 13 March 2021 09:54

කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ, එළඹෙන උත්සව සමයේ දී රජය විසින් නිසි මාර්ගෝපදේශ යටතේ කටයුතු නොකරන්නේ නම් මහා ව්‍යවසනයකට මුහුණදීමට සිදුවිය හැකි බවයි.

මේ පිළිබඳ අදහස් දැක්වු සභාපතිවරයා ,

“දැනට රටේ පවතින තත්ත්වය අනුව කිසිදු නිරෝධායන තත්ත්වයක් සංචරණ සීමා සඳහා බලපාන අයුරින් අපට නීති නිකුත් කරලා නෑ. සංචරණ සීමා සාමාන්‍ය පරිදි රට තුළ ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය හමුවේ තමයි අපි පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සමරන්න සැරසෙන්නේ. විශේෂයෙන්ම බ්‍රසීලය වගේ රටවල්වල බලාපොරොත්තු නොවන ආකාරයෙන් කොවිඩ් -19 ආසාදනය ඉතාම සීඝ්‍රයෙන් පැතිර යමින් තියෙන අවස්ථාවක අපි පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සමරන්න සැරසෙන්නේ. ඒ අපි මේ මොහොත් අනතුරු අඟවනවා. ඉදිරියේ දී එන පාස්කු උත්සවය හා නව අලුත් අවුරුදු උත්සවය සඳහා රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මාර්ගෝපදේශ හදලා කටයුතු කරේ නැතිනම් අපිට අලුත් අවුරුද්දෙන් පස්සේ තුන්වන කොවිඩ් රැල්ලක මහා ව්‍යසනයකට මුහුණදෙන්න සිද්දවෙයි කියලා අනතුරු ඇඟවනවා.“ යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us