සීතා ඇතින්නට කරඬුව වැඩමවීම සඳහා මෙවර සහභාගි වීමට හැකියාවක් නැති බව ඇතින්නගේ භාරකාර එස් එන් රොෂාන් පවසයි.

පොලිතින් මලු (ෂොපින් බෑග්) නොගන්නා පාරිභෝගිකයන්ට දීමනාවක් ලබාදීමට ප්‍රධාන සුපිරි වෙළෙඳසල් පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී එකඟ වී තිබේ.

පවුල් ලක්ෂ 20 ක් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ “උරුමය, වැඩසටහනෙහි දෙවන අදියරට අදාල මූලික වැඩසටහන අද(18) ආරම්භ විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලික කරගනිමින් ගොඩනැගීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් මතුව තිබේ.

ජෝන් සීනා නිරුවතින් ඔස්කාර් සම්මාන උළෙලට ගියාට සමහර මාධ්‍ය දුන් ප්‍රසිද්ධිය රටේ කෘෂිකර්මාන්තයේ ඉහළ ආදායම් ලැබූ තරුණ ගොවීන්ගේ හැකියාවන් ප්‍රවෘත්තිවලට ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

ජලය නොලැබීම හා අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබීම්වලට අදාළව ලැබෙන පැමිණිලි සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සංවර්ධන) අනෝජා කළුවාරච්චි කියා සිටියි.

ගාසා තීරයේ ගැටු­ම්ව­ලින් විප­තට පත්වූ­වන් වෙනු­වෙන් සහන සැල­සීම සඳහා ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහගේ අද­හ­සක් අනුව ආරම්භ වුණු “ගාසා හී ළමා අර­මු­දල (Children of Gaza Fund)”සඳහා මේ වන විට රුපි­යල් 57,73512 ක මුද­ලක් ලැබී තිබේ.

ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් 13,000කට අධික ළමුන් පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත හා ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ මග පෙන්වීම යටතේ ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව 2024/2025 වැඩසටහනට අයඳුම්පත් භාර ගැනීම අප්‍රේල් 01 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

නැවත වරක් රුසියානු ජනාධිපතිධුරය සඳහා ව්ලැදිමීර් පුටින්ට තේරී පත්ව තිබේ.

Connet With Us