ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසාහි මිය ගිය දරුවන් ගණන 13,000කට අධිකයි

Published in විදෙස්
Monday, 18 March 2024 09:23

ගාසා තීරයේ පවතින යුද ගැටුම් හේතුවෙන් 13,000කට අධික ළමුන් පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

තවත් ළමුන් දහස් ගණනක් ප්‍රහාර හේතුවෙන් තුවාල ලබා ඇති බව එම සංවිධානය පෙන්වා දී ඇත.

එම සංවිධානය පවසන්නේ ළමුන් වැඩි පිරිසක් දැඩි මන්දපෝෂණ තත්ත්වයකට මුහුණ දී ඇති බවය.

ඊශ්‍රායලය හමාස් සංවිධානය අතර පවතින යුද ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ මිලියන 2.3කට අධික ජනතාවක් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ.

මේ අතර ගාසා ජනතාවට අවශ්‍ය මානුෂීය ආධාර මහා පරිමාණයෙන් ලබාදීමට කටයුතු කළ යුතු බව ජර්මන් චාන්සලර්වරයා පවසනවා.

ගාසා තීරයට ගොඩබිමින් දැනට ලබාදෙන මානුෂීය අදාර කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි ජර්මන් චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සඳහන් කරන්නේ.

මුහුදු මාර්ගයෙන් ගාසා තීරයට පළමු මානුෂීය ආධාර තොගය ඊයේ ලබාදුන්නා.

ඊට සහල්,තෙල් වර්ග සහ රට ඉදි ඇතුළත්.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඇමෙරිකාව එක්ව ගාසා තීරයට ගුවනින් මානුෂීය අධාර ලබාදීම ද මේ වනවිට ක්‍රියාත්මකයි.

රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය කිසිසේතම අනුමත කළ නොහැකි බවයි ජර්මන් චාන්සලර්වරයා පවසන්නේ.

ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කීපයක් පැවැත්වීම සඳහා ජර්මන් චාන්සලර්වරයා ඉදිරි සතියේදී මැදපෙරදිග විශේෂ සංචාරයක නිරතවීමට ද නියමිතයි.

-P.M

Last modified on Monday, 18 March 2024 09:23

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us